Saturday, October 11, 2014

ඉර හඳට ගහකොළට..!

ඉර හඳට ගහකොළට
ගල් පවුරු වැව් වලට 
දුක කියන කොට හිතට
නිදහසක් දැනෙනවා

මම නුඹට ඔය හිතට
පෙම් කතා කියනකොට
ඔබ අහන් උන්නු හැටි 
තාම මට පෙනෙනවා

ඉකි ගසා ඔබේ දුක
මට හඬා කියනවිට
නිසොල්මන් ගලක් ලෙස
මම බලන් ඉන්නවා

රන්පාට සඳ එලිය
කලු වලාවෙන් වැසී
ඔබව ගිල ගෙන මගේ
ලොව අඳුරු කරනවා.

සුළඟක්ව මට එන්න
වලාකුළු එලවන්න
බැරිනිසා නුඹ තවම
ඒ අඳුරෙ ගිලෙනවා

^සූ

No comments:

Post a Comment

hi