Saturday, October 11, 2014

බඹරු ..!

පෙති තලන රොන් උරන
බඹරු ඇතුවා සේම
තටු සිඳින දිවිනසන
මලුත් ඔය'තර තියෙනවා


ගුම් නගන බඹරුන්ට
මුලාවෙන මල් සේම
මලට රැවටී නැසෙන
බඹරුනුත් ඉන්නවා

මල් නසන බමරුන්ට
නිතර ගතු කීවාට
කපුරු, බාඳුරා මල්
බමර දිවි නසනවා

බඹර ඇස නොගැටීම
රහසේම විකසිතව
රහසේම පරවයන
මලුත් ඉඳ හිට තියෙනවා

බමර පහසට නේන
මලක පහසම ලබන
මල් සුවඳ ඉවකරන
මලුත් ඉඳ හිට පිපෙනවා

සුවඳ මල් නොබලාම
බමරු පසු පසදුවන
මලට නොම එන බමරු
බොහෝ මුණගැහෙනවා

^සූ

No comments:

Post a Comment

hi