Saturday, October 11, 2014

පායන්නෙ දේදුන්න ..!


පායන්නෙ දේදුන්න
අපටත් උඩින්
ඉගිලෙන්න මට ඕන
ඊටත් උඩින්
ඔබ ඉන්නෙ මා ළඟින්
සුසුමක් දුරින්
කොපුලකට දැනෙනවා
උණුසුම් සුසුම්


කුරුල්ලෙකුගේ සැහැල්ලුවෙන්
ඉගිලෙන්න මටදෙන්න
අත්ත‍ටු ඉතින්
සඳ එලිය සේ දැනෙන
සෙනෙහස ඔබෙන්
විඳගන්න හැකිවේවි
හැමදා තුටින්

දෑත් පටලන් මිහිරි පවසන වදන්
අරගන්න ඔය දෑස
මා නෙත් මතින්
ඉවසන්න පුළුවන්ද
සිටියොත් දුරින්
නොදොඩාම ළඟ ඉන්න
පෙම්බර සිතින්
සරසන්නෙ ඔබෙ ලෝකෙ
මල්පෙති අරන්

^සූ

No comments:

Post a Comment

hi