Saturday, October 11, 2014

දෙනෙත් මත තියා...!

දෙනෙත් මත තියා
‍රැක ගත් නොහැකි වුණි ඔයා
මා ඔහේ ගියා
පෙම සුළඟට ගසා ගියා
මලින් මලට පියඹායන
බමරෙකුයි කියා
දැන දැනම ඔයා
මාතුළ දිය වෙලා ගියා



ලොවම මා කියා සිතුවත්
මගෙ නොවෙයි කියා
ඔබ අතැර ගියා
වරදට ඔබට ඉඩ තියා
දැන දැනම ඔයා
මාතුළ දිය වෙලා ගියා

කවුලු හැරි පියා හදතුළ
විරහ ගී ගයා
වැරදි මාකියා කීවත්
අඬන්නේ ඔයා
දැන දැනම ඔයා
මාතුළ දිය වෙලා ගියා

^සූ

No comments:

Post a Comment

hi