Saturday, October 11, 2014

හැඟුම් ...!!!!


අඩ දෙනෙත් බරවෙලා
මත් බවින් උතුරලා
මා සිතත් කැළඹිලා
ඔබේ නෙත් දෙසබලා
බලන බැල්මට නුඹේ
මාද කුල්මත් වෙලා.....

අඩ අඳුරු කුටිය තුළ
උණුහුමට ගුලිවෙන්න
එමි තිමිර පට ඉරා
පැටි හංස තිඹිරි යුග
දෑස, මන මත් කළා...



නැගෙන රළ ගෙඩි පිපිර
සුමුදු වලි කලතලා
නැගෙන රළ පිටද රළ
සයුරු තෙර කළඹලා
චණ්ඩ සැඩ හිත් හුළඟ
ඇදෙයි ඔබ පිස ගලා
දැවෙයි තව තව දැවෙයි
නෙත් සරක හිර වෙලා...

මුදාලන දුහුල් සළු
සිහිල් දියබිඳු වලා
ගැටෙන විට සුමුදු ගත
විදුලි සර යයි ගලා
මැවෙන නෙත් අස සුවය
තුසිතයද පසු කළා
හද බිඳක් නවතලා
නව ලොවක් බිහි කළා

^සූ

No comments:

Post a Comment

hi