Monday, October 13, 2014

සඳ එන්න ..!

සඳ එන්න
මා සමඟ
මේ නිශා යාමයයි
පිනි වැටුණු නිල් තණපත්
මත වැතිර මදක් ඉමු

තරු වියන් යට
රෝස පැහැ රොබරෝසියා
මල් පාවඩය මත
ඇවිද යමු මද දුරක්
විඩා වූ පසු නැවතී
මුව මීවිතින්
නිවාගමු පවස...
මුවා කරන්නට අවැසිද
වළාවකින් නොපෙනෙන්න
කිසිවෙකුට අප
හිරිගඩු පිපෙන සීතලේ වුව
කොපුලකට දැනෙයි
උණුසුම් සුසුම්
පිටව යමු මේ උණුහුමෙන් මිදී
හෝරාවකට පෙර
හිරු එන්න .....!!!

^සූ

No comments:

Post a Comment

hi