Tuesday, September 17, 2013

වීණා ...... හඬවන්න මහද වීණා.....

වීණා ...... හඬවන්න
මහද වීණා.....
මියුරු තත් සර සෙමින් පිරිමැද
කම්පනය කර රාව නංවන්න
දෙයත් ‍රැහැනෙන් බදා
වීණා... හඬවන්න
මහද වීණා...

පිරි මඳින මා සොඳුරු සිතුවිලි
කොමල අතැඟිලි ඔබේ
හෙමි හෙමින් හෙමි හෙමින් කැළතෙයි
ප්‍රමුදිතයි සිත මගේ
මුතු වැලක් සේ එකට අමුණා
වීණා ... හඬවන්න .... වීණා



ලුහුබඳින මා , ඔබේ සෙවණැලි
පියෙන් පිය ලෙස භවේ
ටිකින් ටික මා සුසුම සිරවෙයි
කිමිද සෙනෙහස් ගඟේ
මුදා නොමහැර ‍රැහැන් මුදවා
වීණා ... හඬවන්න ... වීණා
වීණා සරසන්න මහද යහනා.....

^සූ

No comments:

Post a Comment

hi