නුඹ යද්දි........!!
ගිනි ගහන ආදරය දෑස් මත දැල් වෙද්දි
දේදුන්න ඇහි දෙබැමයට නුවන් දැවටෙද්දි
පෙරපුරුදු හුරු ගතිය සිත පුරා දැවටෙද්දි
පුංචි රිදුමක් හිතේ ඇතිවුණා නුඹ යද්දි
ඉකි බිඳින දුක් හඬක් සවනතේ දැවටෙද්දි
නුඹ නෙවෙයි ඒ හිතයි හඬ නැගුණෙ නුඹ යද්දි
නුහුර උණුසුම් තෙතක් කම්මුලේ දැවටෙද්දි
නුඹ නෙවේ ඒ නෙතයි දුක් වුණේ නුඹ යද්දි
^සූ
No comments:
Post a Comment
hi