Sunday, August 25, 2013

රමණය කළෙමි....

මා කීපවිටක්
ඈ සමඟ
රමණය කළෙමි
වෙරළේ , ගෙවත්තේ
නිදන කාමරයේ
කුස්සියේ පාවා
රමණය කළෙමි
ලන්ඩනයේ, පැරීසියේ
චීනයේ රුසියාවේ
අඳුරු අහුමුලු වල
මහත් අභිරුචියෙන්
රමණය කලෙමි.


ගිනි ගහන දහවලේ
තද සීත රාත්‍රියේ
යන එන ගමන
බසයේදී
දුම්රිය පොළේදී
ගස් , ගල් බංකු මත
මාම රමණය කළෙමි
මහත් ආසාවෙන්
වින්දෙමි..
මායාව, සැබෑව
යථාර්ථය අතර
දෝලනයව
රමණය කළෙමි
සතුට , සැහැල්ලුව,
ප්‍රීතිය වින්දෙමි...
සැබවින්ම මම
ඔබට ආලය කළෙමි..
ඔබට ...
මට ජීවය
කැවිය හැකි බව
පසක් කළෙමි
නික්මිය යුතුය
කාලය පැමිණ ඇත
.
.
පොතක් සමඟ
රමණය කළෙමි.....!!!

^සූ

No comments:

Post a Comment

hi