Wednesday, July 3, 2013

ලකර ළඳුනි.........


සවන් මිණිකොඬොල් පළඳින
නුවන් නිලුපුලෙව් බබළන
පවන් සලන ඝන චාමර
මේඝය වරලස්
නළල් සදිසි, දුල් සඳකඩ
සිහින් ළසඳ මුව මදහස
ලෙවන් තුළ උදුල රණ ලිය
සෙරෙහි සදිසි මන්,


දිමුතු දසන් පෙති සිප එන
වදන් මී පුරන දෙසවන
බලන් නෙතඟ බැල්මට
නොවනා කවුරුන් ලොල්
තබන පා හසෙකි තාලෙට
ගමන නාරජෙකි සෝබන
කියනු කෙලෙස වනමුද ලොව
ලකර පිය දසුන්.

^සූ

3 comments:

  1. උපරිමයි සුරංග. ගැටපද විවරණයකුත් දැම්මනං නරකද.

    ReplyDelete

  2. නලීන්ගේ ඉල්ලීම මත මේ පද විවරණය දානවා.

    මිණි කොඬොල් = මැණික් කුණ්ඩලාබහරණ > මැණික් කරාඹු
    නිලුපුලෙව් = නිල් උපුල් වගේ > නිල් මානෙල් වගේ
    මේඝය = වලාකුළ
    වරලස = කෙස්ස
    සදිසි = සමාන
    සඳකඩ = අඩ සඳ
    ලෙවන් = ලොවෙහි
    උදුල = බබළන
    සෙරෙහි = සොරාගත්තෙහි
    මන් = සිත
    දසන් = දත්
    ලොල් = ආශාව
    හසෙකි = හංසයෙකි
    නා රජ = ඇත් රජු
    වනමුද = වර්ණනා කරන්නද
    ලකර = අලංකාර
    පිය දසුන් = ප්‍රියවූ දර්ශනය.

    ReplyDelete
  3. මෙය දැන් බොහෝ දෙනකුට රස විඳින්නට හැකිය. ස්තුතියි.
    නා රජ මං හිතං හිටියේ වෙන අදහසක්

    ReplyDelete

hi