Monday, October 13, 2014

පමා නැත විමුක්තිය


මරු තුරුළු කර
ගෙවන ජීවිත
සැණෙන් බි‍ඳෙනා
දිය බුබුලු මෙන
එහෙව් ලෝකෙක
අනුන් පාග
ලබන ජයකින්
කුමක් ලබමුද..?

පොරිමෙන් පිපිර
විසිරුණි
මා ඔබ කෙරෙහි තැබූ
විශ්වාසය..

Sunday, October 12, 2014

ප්‍රේත වත්තු..!


ප්‍රේත වත්තු
පින්තූරයක් නොපෙනෙන
අදෘශ්‍යමාන භූත ප්‍රේත
ප්‍රොෆයිල්
නෙළාගෙන අතට ගත්
මලක් විගසින් පරව යන බව
දැන දැනම ඒ මල නෙළා.
ඈත හිමගිර
මුදුණෙ පායපු
පහන් තරුවට
පෙම් කළා මම
නිල් දෑස පෙන්නලා
ආදරෙන් හිනැහිලා
ඔබ එවපු
ආදරේ දඟ පන්දුවට

ආදරය.......!!!


හරියාකාර පන්දුවකට
දැවී ගියානම්
දුක නෑ..
ඒත්

මෙරු..!

හිටි හැටියෙ කාලෙකට
පියඹා විත්
සියොළඟම වසාගෙන
නොසන්සුන් කර

වෙසක් සඳ නැග එන්න..!

වෙසක් සඳ නැග එන්න
තවත් ටික කාලයයි
වසන්තය ගේ අවට
මටම ඔච්චම් කරයි
පමණට වැඩි
කෑමද
පමණට වැඩි
බීමද
බෝ ගසක් උව
නියමිත තැන
නොතිබ්බෝත්
එහිවටිනාකමක් නැත.
මා විනිවිද දකින්න
ඔබට
තියුණු ඇසක්
උවමනාය
මතුපිටින් ඔබ දකින
මා

Saturday, October 11, 2014

සැළලිහිණිය මියුරු හඬින් ..!


සැළලිහිණිය මියුරු හඬින්
ගයනා ගීයක ස්වරයෙන්
හීන් හඬින් සවන් අතර
‍රැව් දෙන ඔබ මියුරු වදන්

සීතල මේ රාත්‍රිය


සීතල මේ රාත්‍රිය
උණුසුම් වේවී
නොයිවසිලිමත් මගේ සිත
රස තැන් සොයයි
ඔබ සිරුරමත
නිවාලන්න රාග ගින්න
තවත් ඉවසුම් නොදෙන
යලි එතැයි බලා 
නෙතු පිය නොසලා
කල් පයක් ගියා ගෙවිලා
නෙත් පියන් වසා 
මද නළක් වෙලා 
මටම කියා ඔය ඇස්දෙක 
සන්තකකර දෙන්න
තව හිතකට හීනෙන්වත් 
එපා මග කියන්න

නිහඬ ගමනට මාත් එක්කම..!


නිහඬ ගමනට මාත් එක්කම
යන්න එනවද මියුලැසී
ඔබෙන් වෙන්වී යන්න නොහැකී
නොහඬා ඉනුමැන පෙම්බරී
අවසාන විනිශ්චයේදී 
භාග්‍යවතුන් වන්නට 
අපි සැමදාම 
දුක්විඳින්නෝය.

^සූ

වහා පිළිතුරු උවමනාය....!



මැවුම්කාර දෙවියන්ගෙන්
වූ අසාධාරණයට
වගකිව යුත්තෝ කවරහුද
දෙවියන්ට වුව
හිතුමතේ කටයුතු කිරීමට
ඉඩදිය නොහැක

නෙත් පියවූවාට..!


නෙත් පියවූවාට
නිදි නොමැති කමට
වරද ඔබ අත නොව.
හැඟීමක සරල බව
වටහාගත නොහැකි
සිතකට ප්‍රේමය කාන්දුවීම
කෙතරම් අරුමයක්ද...

මිහිර..!

වැහි වහිනකොට 
මල් මල් කුඩය යට 
එක පෙළට අපි 
පියවර තබා ...
යනවිටදි මගෙ 
හිත පෙම් පුරනවා

බඹරු ..!

පෙති තලන රොන් උරන
බඹරු ඇතුවා සේම
තටු සිඳින දිවිනසන
මලුත් ඔය'තර තියෙනවා

නොලී පද ..!

නොලී පද දස දහක් යලි යලි 
ඔබේ සිත තුළ මා කියූ
මුවින් දෙනෙතින් නොකී මේ පෙම
ම'හද රහසින් කිති කැවූ

ඔබ තුළම දියවී ..!


ඔබ තුළම දියවී
මියැදෙන්න බලා සිටියා
සුසුම් අහුරක් මිටකට අරන්
හද මතම තියන් හිටියා
නෙතු පියා නිදා සිටියා
ඔබ හෙමින් හෙමින්
මා කෙරෙන් ගියා නොකියා

Heena Piri Aakase

Heenapiri Akasaye - Dinesh Tharanga & Nilupuli Dilhara
Artist - Dinesh Tharanga & Nilupuli Dilhara Lyrics - Lakshman Nayanakantha Music - Ananda Waidyase...

  http://fmderana.lk/index.php?video_id=665

ඔබ නමින් මා ..!


ඔබ නමින් මා
කවි ලියන්නේ නැත
ඔබ නමින් මා
ගී ලියන්නේද නැත
ඔබ නමින් ලිවිය හැකි

නොලී කවියට තාලයක්..!


නොලී කවියට තාලයක් මම
කියන්නේ කොහොමද
උපන් සෙනෙහස
හදේ ගුලිකර හිඳින්නේ කෙලෙසද
ඈත දුර සිට ඔබේ සෙනෙහස
විඳින්නට බැරුවද
මට දුකක් යැයි කියා ඔබ මා
අතැර දුර යනවද

වර්ණයක් නැති ජීවිතේ ...!


වර්ණයක් නැති ජීවිතේ
නැවතුමක් නැති ජීවිතේ
හැපී නවතින තෙක් කොහේ හෝ
පාවයන නිල් වලාකුළක් සේ
අපි ඔහේ යනවා......

Kawruth Nowe....


artists: Amila Nadeeshani & Steve Angelo 

http://www.youtube.com/watch?v=OSiGH32hyI8&feature=share

කාත් කවුරුවත් නැතිව මගේ ළඟ..!


කාත් කවුරුවත් නැතිව මගේ ළඟ
මාත් මගේ හිතත්
තැවි තැවි උන්නා
හදිස්සියෙන් නුඹ මට හමුවුණ දින
ඝණඳුරු මැද සඳ
විලසින් දිලුණා

පායන්නෙ දේදුන්න ..!


පායන්නෙ දේදුන්න
අපටත් උඩින්
ඉගිලෙන්න මට ඕන
ඊටත් උඩින්
ඔබ ඉන්නෙ මා ළඟින්
සුසුමක් දුරින්
කොපුලකට දැනෙනවා
උණුසුම් සුසුම්

පුරහඳ එලිය වැටී ..!


පුරහඳ එලිය වැටී
දිළිසෙන ඔබේ ඇස් දෙක
කිංකිනි හඬ පරදන
මද මුදු සිනාකැන් පොද
අරගෙන දෝත පුරා
සෙහෙහස පිරුණු පෙම් හිත
නැවතී සසර පුරා
හිඳින්න එන්නෙ කවදද...

අමාවක...!!!


හඳටත්
දැනී ඇත
කිරිපිටි
හිඟය


^සූ
කිරිත් නැත 
සඳ දියත් නැත
පිටි හිඟ හෙයින් 
අද
පුර හඳත් 
අමාවකයි....!!

^සූ

හිත රිදෙන දුක දැනෙන ..!


හිත රිදෙන දුක දැනෙන
හතිවැටෙන ආදරේ
මට දැනෙන හද ගැහෙන
දුක් විඳින ආදරේ

එතෙර ගිය හිමියන්ට...!


නිදි නොමැති තනි යහන
මත පිපෙන රෑ හීන
එලි නොවනවා සේම
දුකම පමණකි ගේන

උත්පලා..!


විහඟ ගීතය
නිහඬ කළ ඔබ
ඔබෙ හඬින් උන් මත් කළා
පහන් සිළ ලෙස
නිවී ගොස් අද
මේ ලොවේ මා තනිකළා

ඔබේ කටහඬ යලිත් නෑ හෙට
සියොත් කැළ අසරණ වෙලා
යලිත් කා සමඟින් දොඩන්නද
මා මුවත් ඔබ ගොළු කළා

අකාලේ පරවෙන්න මෙලෙසට
කිම පිපුණෙ නුඹ උත්පලා....

^සූ
ඔබ සැතපුණ 
හද යහන 
තාම හිස්
ඒත් 
වෙන කෙනෙකුට
ඉඩ එහි නැත..!!

^සූ

හෙන්දිරික්ක මල් පිපේවි ..!


හෙන්දිරික්ක මල් පිපේවි
කහ පාටට රතු පාටට
සියොතුන් ගී නාද දේවි
මිහිරි හඬින් හෙමින් හෙමින්
සැඳෑ ඉරත් බැහැල යාවි
ලොවි පාටින් අවර දිගින්
මා නුඹෙ සුවඳම සොයාවි
හමනා මද නළ අතරින්

මේ තරම් රෑ අහසෙ ..!

මේ තරම් රෑ අහසෙ 
තාරුකා පිපුණාට
මට අයිති මගෙ තරුව 
නොපිපුණේ ඇයි තාම

අප්‍රකාශිත ප්‍රේමය

අප්‍රකාශිත ප්‍රේමය 
නොවටීද 
පුන පුනා පවසන 
ඊනියා පෙමකට වඩා

නාමල් සුවඳ රැඳි ලවනත මනහාර..!


නාමල් සුවඳ රැඳි ලවනත මනහාර
අම මී සුවය දෙන තෙපුලෙන් ලංකාර
මදහස නගන නුවනග මොහොතක් නෑර
පුර හඳ පරදවන මුදු මුව පින්සාර

පිපි කමලේ රුව සුදිලේ සැලේ පෙතී
රන මුහුළේ වැද සුළඟේ රඟයි ඒතී
මිණි මෙවුලේ සුව නොකලේ ලබනු සිතී
බමර කැළේ මත් බමරෙක් තැවෙයි නිතී

^සූ

මුණගැහුණු මුල් දවසෙ .!


මුණගැහුණු මුල් දවසෙ
දු‍ටුවාද දේදුන්න
රොන් පිරුණු සුවඳ මල්
අතවැනුවෙ මට එන්න
ඔබෙ සුරත අරගත්තෙ
හුඳක්දුර මම යන්න
එහෙත් අද දොස් නගන
වරද මට පවසන්න

පෙම්වන්ත නෙත් අතර ...!

පෙම්වන්ත නෙත් අතර 
අතරමං වූ විටෙක
ජීවිතය දෝතින්ම
පුද කළා මං

ඔබෙ සුමුදු සුරතමත
සුරත එකිනෙක බැඳන්
මගෙ ලොවම ඔබනමින් 
වෙන් කළා මං

ආදරයට වසර 
හතරයි
අදින් එය ඉවරයි
එතැන් සිට 
පුස් වෙඩිද 
වෙඩිය
වැඩ නැතත්
හඬ ඇති 
ඒවාද 
වැඩය

^සූ
මෙතැනින් 
නවතිමි 
දිසි දෑ ද 
අදිසි දෑ ද
නවතමි....

දෙනෙත් මත තියා...!

දෙනෙත් මත තියා
‍රැක ගත් නොහැකි වුණි ඔයා
මා ඔහේ ගියා
පෙම සුළඟට ගසා ගියා
මලින් මලට පියඹායන
බමරෙකුයි කියා
දැන දැනම ඔයා
මාතුළ දිය වෙලා ගියා

ඉර හඳට ගහකොළට..!

ඉර හඳට ගහකොළට
ගල් පවුරු වැව් වලට 
දුක කියන කොට හිතට
නිදහසක් දැනෙනවා

මම නුඹට ඔය හිතට
පෙම් කතා කියනකොට
ඔබ අහන් උන්නු හැටි 
තාම මට පෙනෙනවා

එන දුරුත්තට කලින්..!


එන දුරුත්තට කලින්
නුඹව කැන්දන් යන්න
හිතම පිරියම් කරල
කැඩුණු තැන් හැදුවා...

බිඳුණු මුලු හිත පුරා
සායම් අහුරුගා
පලුදුවූ තැන්
වැහුවා
හංගන්න හැදුවා...

ඉරිසියාවෙන් සමුදෙමි ...

ඉරිසියාවෙන් 
සමුදෙමි ...
ඉන්පසු
ඔයා පතන 
ආදරයක් 
හමුවේවි
නොදැක ඇරඹී
දුරස්ව පෙම්කොට
හේතුවක් නොකියාම ගොස්
නොදැකම හැරගිය
ආත්මීය
ආදරය
හිල්වෙච්චි පෙනහැලියි
දම් වෙච්චි තොල් පෙතියි
ඉදිමිච්ච වකුගඩුයි
කියන්නෙ
තනිය පාළුව
අපට උරුමය
ජීවිතය ගෙවෙනා තුරා
සිතට අවනත
අයෙක්

කඩා වැටෙන්න මා මත..!

කඩා වැටෙන්න
මා මත
මා යට කොට
ගිලගන්න මා
බිඳක්වත්
ඉතිරි නොකොට
උරාගන්න මා ජීවය
පුරවන්න ඔබේ
සෙනෙහසින්
බැඳලන්න
සෙනේහයෙන්
සිරකරන්න ඔබේ
සුසුමින්

ඔබෙ සුසුම් ..!

ඔබෙ සුසුම්
හැපි හැපී
තුරුලුවී සිටි ‍රැයක්
අපරිමිත සෙනෙහසක්
සිත් පුරා විඳි ‍රැයක්

නිසල දිය පිරි..!

නිසල දිය පිරි
සුනිල විලකිය
එහෙත් ගැඹුරුය
භයංකාරය
සුවඳ විහිදන
නෙලුම් පිබිදුව
නමුදු පතුලෙහි
කළල් ගොහොරුය

ප්‍රේමයක් හමුවෙන දිනක්..!

දෑස විනිවිද දකින්නට හැකි
ආලයක් හමු වෙන දිනක්
හදින් හදකට කතා කළ හැකි
ප්‍රේමයක් හමුවෙන දිනක්
සොයා දින සති මාස ගෙවමින්

කරුමයක අරුමය...!!!


ඔබ කාන්දමක්
මම අලෝහයක්
කොතරම්
ලංවූවත්
ඔබට නො ඇලෙන

^සූ

නූතන යසෝදරා වත ....!

හතර පෙරනිමිති
හතරවටින්
කලක හිටන් මට පෙනුණට
පස්මහ බැළුම් උඹ
බලන බව දැනුණෙ නෑ
පුර පෝය දවසට
පස්සෙ දොහේ

නෙත් කෙවෙනි මත..!

නෙත් කෙවෙනි මත
නලියයි
තවමත් කඳුළු කැට..
දෑස ඉදිමී
රිදුම් දෙයි හිස..
ඉහිලුම් නොදෙන
වේදනාවෙන්
දැවෙයි මා
සිරුර තුළ..
තියුණු තුඩුවලින්
අනින්නාක්මෙන්
රිදුම් දෙයි,

ටිකක් පරණයි
ඒත් තරුණයි
තාම බොරු නයි
හොඳට හඳුනයි...


^සූ

ඉරහඳ ඉල්ලා මා නොහැඬූවෙමි.....


ඉරහඳ ඉල්ලා මා නොහැඬූවෙමි
සෙනෙහස පමණකි අවැසි වුණේ
ඔබෙ අත අල්ලා දසත සැරූවෙමි
මතකය පමණකි ඉතිරි වුණේ

ගහකොළ මල් වල හමන සුළං රළ
සෙනෙහස ‍රැඳි බව
ඔබමයි පෙරදා මට කීවේ

හැඟුම් ...!!!!


අඩ දෙනෙත් බරවෙලා
මත් බවින් උතුරලා
මා සිතත් කැළඹිලා
ඔබේ නෙත් දෙසබලා
බලන බැල්මට නුඹේ
මාද කුල්මත් වෙලා.....

අඩ අඳුරු කුටිය තුළ
උණුහුමට ගුලිවෙන්න
එමි තිමිර පට ඉරා
පැටි හංස තිඹිරි යුග
දෑස, මන මත් කළා...


ඔබ...!!


රාත්‍රිය වන්න
රිදුම් දෙන හදට
විරාමය කැන්දන..
සහන් එලියක් වන්න
දැඩි අඳුර දුරු කරන..
තනිතරුව වෙන්න
පෑල දිග නුබ කුසට
පෙම්බඳින..

"ශ්‍රී සිද්ධාර්ථ"


අඩ අඳුර තුළ
සුමුදු දෙතොලක
සුවඳ කෙසක
සුසුම් පොදක
මුදු තිඹිරි
යුවල'තර
පසක් කර
සත්‍යය
අත් හැර
දුක් වේදනා
දුක් දෙන
අතීතය
අබිනික්මන් කළෙමි

Tuesday, September 17, 2013

තාම මතක ඇත රඟදුන් දේදුනු ඇහි බැම....!!!!

අඳුර දවා රැය එලි කළ ඔබේ නීල නෙත්
පහන් තාරුකාවක් සේ මසිත ලැගුම් ගත්
මිහිරි හඬින් පිනවන්නට මගේ සවන් පත්
කව් සිළුමිණ ඔබයි ළඳුනි මසිත සොරා ගත්

පාළු අඳුරු නිල් අහසක පායා මේ රැයේ
සහන් එලිය රැගෙන වඩිනු ලොවම නිදන පැයේ
කෝල කමින් දැවටි දැවටි හිඳිමින් මා ළයේ
සෝක තැවුල් නිවාලන්න වඩින්න සුර ළියේ 

වීණා ...... හඬවන්න මහද වීණා.....

වීණා ...... හඬවන්න
මහද වීණා.....
මියුරු තත් සර සෙමින් පිරිමැද
කම්පනය කර රාව නංවන්න
දෙයත් ‍රැහැනෙන් බදා
වීණා... හඬවන්න
මහද වීණා...

පිරි මඳින මා සොඳුරු සිතුවිලි
කොමල අතැඟිලි ඔබේ
හෙමි හෙමින් හෙමි හෙමින් කැළතෙයි
ප්‍රමුදිතයි සිත මගේ
මුතු වැලක් සේ එකට අමුණා
වීණා ... හඬවන්න .... වීණා

Sunday, August 25, 2013

...

.
උණ්ඩයකට
තියුණු සැතකට
මා හඬ
නිහඬ කළ
හැකිය
කිසියම්ම මොහොතක
මා ලෝකයාට
සැඟවිය හැකිය....

එහෙත් ...!!

සත්‍යයේ හඬ
කිසිදා නොනවතින්නේය..
තාවකාලිකව
යටපත් කළ හැකිමුත්
නැවතිය නොහැකිය..

ඔබේ ආදරේ...


පිනි කැටයක් වගේ
ඔබේ ආදරේ ...
සැඟවිලා යනවා
දිය ‍රැලි වගේ
ඔබේ ආදරේ
වැලි පිස මකා ... යනවා...

ඔබේ නෙත් ගැටී ඔහු හා ඔබේ
ඔහු හා බැඳී යනවා
නෙතු පියවසා සුරතින් මගේ
බොඳ නෙත් වසා ඉමි මා

රමණය කළෙමි....

මා කීපවිටක්
ඈ සමඟ
රමණය කළෙමි
වෙරළේ , ගෙවත්තේ
නිදන කාමරයේ
කුස්සියේ පාවා
රමණය කළෙමි
ලන්ඩනයේ, පැරීසියේ
චීනයේ රුසියාවේ
අඳුරු අහුමුලු වල
මහත් අභිරුචියෙන්
රමණය කලෙමි.

මලින් දුමින් පිදෙමි...!!!


සැහැල්ලුව
පියාසලමි
වලාකුළක සැතපෙමි
පිනි පොදකින්
පවස නිවා ගමි
අනන්ත අහසේ
සැරිසරමි
ගිරි හෙල්ද
වනමල්ද මවමි
අනන්ත වූ අවකාශයේ
ඈතට ඈතට
දුවමි

රත් වන් නෙලුමක සුදුමැලිව මිය යෑම......!!!


බදා මා ගත වෙලා
සෙනෙහස් ‍රැහැනින්
සිරකොට
ඉර මුදුන් වූ
කට්ට අව්වේ
සි‍ටුවා මා
ජීවිතේ අතර මග
බල නහරය
කැපූ ඔබෙ ආදරය...

මග බලා සිටිමි .....!!!


දිගුකරමි
ජීවිතේ දෑත
මරණය දෙසට
වහා මා වැළඳගන්න
විඳින්නට අවැසි
ඔබේ සෙනෙහස පමණි,
හැපී ගැටී ප්‍රේමයේ
ගල් මුල් බාධක මත
හති ලමි සුසුම් ලමි
වේදනාවෙන්

ප්‍රතිබිම්භයක් තුළින්.....


මලකින් (ම)
මලකට (ම)

එ' මලින් (එ)
මලකට (ම)

...

තරණයට මහ කඳු
අවැසිය දිරි වැඩූ
සිට කඳුළින් හැඬූ
දනන් වැනසෙයි

විලවුන් සුවඳ ...


හාර හාරා මතකයේ
අහුමුලු අවුස්සා
කැන්දයි
අතීතය...
ඉඳික‍ටු තුඩු මත
තැබූ හදවත
හඬ නගයි
මහ හඬින් ලබ් ඩබ්..
නැගුණු මතකය
කැටිකොට
හෙලන්නට
වෙරදරයි බිමට,
බරවූ නියා
දෙනෙත...

පෙම...

ක්ෂිතිජ ඉම නෙත් රඳවලා
සහස් පෙම් බස් කොඳුරලා
නැගෙන රළ ලෙස නැගුණ පෙම්සිත
කිරි සිනා මුව රඳවලා
ඉසුරු ගල් පරුවත වෙලා
සෝ සුළං ‍රැළි මුහුවෙලා

ඇහි පිල්ලමක් උඩ ....


ඇහි පිල්ලමක් උඩ
නවතින්න
ඉඩ දෙන්න
ඔබෙ දෙතොල්
මත හැපී
මිය යන්න
ඉඩ දෙන්න

නුඹ යද්දි........!!


ගිනි ගහන ආදරය දෑස් මත දැල් වෙද්දි
දේදුන්න ඇහි දෙබැමයට නුවන් දැවටෙද්දි
පෙරපුරුදු හුරු ගතිය සිත පුරා දැවටෙද්දි
පුංචි රිදුමක් හිතේ ඇතිවුණා නුඹ යද්දි

ඉකි බිඳින දුක් හඬක් සවනතේ දැවටෙද්දි
නුඹ නෙවෙයි ඒ හිතයි හඬ නැගුණෙ නුඹ යද්දි

Wednesday, July 10, 2013

ස්වාමීනී..!!! මා පියාණෙනි ..!!!......

ගොල්ගොතාවේ
කඳු මුදුනේ
කුරුසිපත් කරනු මා
දස වධ පමුණුවා
ක‍ටු ඔ‍ටුණු
පළන්දා
දෑත දෙපයට
ඇණ ගසා
කුරුසිපත් කරනු
මා
මග්දලේනා
ඔබ මාගේද මා ඔබේද
දෙවියන්වත් නොදනී
එය මරියා....
මහා වැසි
ඇද හැලේවි
සැඩ සුළං හමාවි
බිය නොවන්නැයි පවසන්න
නැතහොත්
හුස්ම යනතුරු
මා එල්ලා මරන්න
තහනම් ඇපල්
ගසේ අත්තක
සර්පයාගෙන් ප්‍රවේශම්
වන්න.
අණ දෙන්නට කියනු
වහා මරණයට
කැපකෙරුමට
දෑත සෝදා ගත හැක
පසුව
සිහිල් දියෙන්
එවිට ඔබ නිදොස්.

^සූ

Wednesday, July 3, 2013

ලකර ළඳුනි.........


සවන් මිණිකොඬොල් පළඳින
නුවන් නිලුපුලෙව් බබළන
පවන් සලන ඝන චාමර
මේඝය වරලස්
නළල් සදිසි, දුල් සඳකඩ
සිහින් ළසඳ මුව මදහස
ලෙවන් තුළ උදුල රණ ලිය
සෙරෙහි සදිසි මන්,

Thursday, June 20, 2013

නොපිළිගත් ආත්මය නොහොත් අපේ ප්‍රේමය....!!


දේදුන්නෙ පාට හත
ගලපන්න ඔබ ගාව
සඳවතිට නොවේ මා
පෙම් බැන්දෙ ළාහිරුට

ලෝ දහම මත නොනැඟි
ප්‍රේමයයි මා ඔබේ
හදට හදවත බැඳුණු
ආත්මීය ප්‍රේමයයි

Thursday, June 13, 2013

මවෙතින් පලායන්න....!!!

 දෙනෙත් මත පොපියන්න
දෙතොල් මට දැවටෙන්න
සුසුමක්ව සනසන්න
දෑත්මත මියයන්න
රළු ක‍ටුක ප්‍රේමයක්
ඉල්ල ඉල්ලා
අසල දැවටෙන,
කඩුතුඩක් මත ‍රැ‍ඳෙන
හදවතක සිත රඳන
මා,

හැටි.....


වේදනාවට
හිල්වෙච්චි හිතකට
ආදරය කොච්චර පිරෙව්වත්
‍රැ‍ඳෙන්නෙ නෑ.
ඇඟිලි තුඩු මත ‍රැ‍ඳෙන
සුසුම් පොදක
අමුණන්න ඔබේ ජීවය
සෙනෙහස මහාබර
කළුගලක් වගේ
දැනෙන්නයි ඕනෙ
සැහැල්ලු පියාපතක් වගේ
නොදැනෙන සෙනෙහසකින්
පලක් ඇත්ද..?

Tuesday, June 11, 2013

..........

කියන්න කියන්න
සිතට 'එකඟව
ගෙන්දගං පොළොවෙ
බින් අඟලක් නැති
දඩාවතේ යන බල්ලෙක් වගේ
වෙච්චි මට
මොකටද ඔය ආදරයක්
කාෂ්ටක අවපාත අව්වට වේලිච්චි
මගේ පර්ස් එකෙ පතුළට
කිමිදිලා හොයාගන්න පුලුවන්ද
එක හම්පඩ කාසියක්
සැලෝලයිඩ් ආදරයකටවඩා
අඩපණ කනාමැදිරි
ආදරයක් හොඳයි..
හෙට එච්චර කරුවල නෑ
ඒත් අද අඳුරෙනෙ
නේන හෙටක් මට මොකටද?
වදින තැනක
ගිහින් නතර වුණොත් මිස
පරඬලා පතකට කොහෙද
කැමති දිශාවකට යන්න
අයිතියක්
ඒක තීරණය කරන්නෙ
හුළඟ
ඒක කෘත්‍රීම වෙන්නත් පුලුවන්
මට මමවත් නැතිව
උඹ වෙනුවෙන්
මං
ඉන්නෙ කොහෝමද?
එහෙනම් ආදරයටත්
පැවැත්මක් කොහෙද?

^සූ

Wednesday, June 5, 2013

ඇගේ පහස ලබන්නෝ කවරහුද ..... ?



ඈ කළුය හීන්දෑරිය
කොණ්ඩය පොකු‍ටුය
කෙටිය, කිළු‍ටුය
ගිලුණු දෑසක් හිමිය
ප්‍රිය නූපදන හැකිළුණු
මුහුණකින්
අතරින්පතර  හැළුණු
දත් සහිත මුවකට
හිමිකම් කියන්නීය.
වත්සුණු, සඳුන්
අඳුන්, විලවුන්
නොදන්නීය,

Friday, May 31, 2013

මම මම සහ මම


ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් ඒකෙන් මිනිහෙක්ව ඇති කරන්නත නැතිකරන්නත් පුළුවන්, ආදරේ නිසා මිනිහෙක් නැතිවෙච්චි හැටි දැනගන්න ඕනෙනම් මං දිහා බලන්න ලස්සන හීන ගොඩාක් මගේ ජීවිතේ ඉස්සර තිබුණ. ඒ හීන එක එක හැමදාම රසවින්ද ඒ හැම හීනෙකම ප්‍රධාන චරිත දෙකක් තිබුණ ඒ එක්කෙනෙක් ඔයා අනික ම.... ම ..මට පැහැදිලි නෑ , මම හිතුවෙ ඒ මම කියල මම හැමදාම ඒ හීනෙ ඉන්නෙ මමමද කියල හොයන්න ගොඩාක් උත්සාහ ගත්ත ඒත් ඒ හැම අවස්ථාවකදිම අමුහුණ පැහැදිලි වේගෙන එනකොට ඒ හීනෙ බොඳවුණා ඒ කියන්නෙ මගෙ සිතුවිලි දාමය බිඳුණා . එයා මම් එනකල් ඉස්සර බලන් හිටියෙ හරියටම් මෙන්න මෙතන මේ බස් හෝල්ට් එකේ හරියටම මෙන්න මේ හල් පඩිය උඩ, අංශක 45ක කෝණයකට තමයි ඒයා හිටගන්නෙ කකුල් දෙකම එක ළඟ තියාගෙන වම් පැත්තෙ කරට ලොකු හෑන්ඩ්බෑග් එගෙක දාගෙන දෑත් බැඳගෙන. මොකද එතකොට ඈත වංගුවෙන් හැරිල එන මාව එයාට පහසුවෙන්ම දැකගන්න පුළුවන් නිසා. රත්තරං වලට එයා කැමති නෑ එක එක ජාතියෙ මාල වළලු ගොඩාක් එයා ළඟ තිබුණ, මගේ උපන්දිනේට කලිසම් සපත්තු ෂර්ට් අරන් දුන්නට මම එයාට අරන් දුන්නෙ අර ජාතියෙ මාල, වළලු කරාබු වගේ දේවල්. ඒවට එයා ගොඩාක් ආස නිසා නෙවෙයි මට වෙන දෙයක් අරන්දෙන්න තරම් පුළුවන් කමක් තිබුණෙ නැහැ. හැබැයි මම එක සැරයක් එයාට ලස්සනම ලස්සන සායක් අරගෙන දුන්න. ඒත් ඒවෙනකොට එයා ඒ ජාතියෙන සායක් අරගෙන එනිසා ඒකත් ඒතරම් වටිනාකමක් තිබ්බෙ නෑ. මට ඒකාලේ පයින් යන්නවත් සල්ලි අතේ තිබුණෙ නෑ. ඒත් මම එයාට පොඩි පොඩි දේවල් අරන්දෙන්න හම්බවෙන කීය කීය හරි එකතු කළා.

Thursday, May 30, 2013

කාන්තාරයේ කුසුම.....!



රුවින් ගුණෙන්
හෙබි වැලි කතරක 
සුපිපුණ කුසුමකි ..... මා
සමනල පහසක්
නොලබපු, 

රිදවුවද කම්නැත, 
පෙති තැලුවද
කම්නැත,

Monday, May 27, 2013

පිය සමර



දෑත රත්තරන් පින්කෙත
දෝර ගලන මිණි මුතු ගත
සාර පොළව මෙනි 'තුම් හිත
සාද තෙපුල් නොම තෙපලත

ගොහොරු කළල් මත ම  අතුළ
මහරු තෙත් පෙමකි සුපතළ
ළහිරු කිරණ  සදිසි පුවළ
රුහිරු බැතට හැරිණි උදුල

Saturday, May 18, 2013

බකමූණා වීදි බසී......



රාජිත.. රාජිත.. රාජිත.. රාජිතයෝ.............

"බකමූණා වීදි බසී"
පෙන්නමුද
අපි
මහරගම හන්දියෙයි
කිරිබත්ගොඩ හන්දියෙයි
මුලින්ම
රටටම පබ්ලිසිටිය දීල.
.
.
.
හැබැයි දවල්ට
.
දැන්
ලයිට් නෑ
පහනුත් නෑ

Thursday, May 9, 2013

නෙත් කැලුම්



නෙත් කැලුම් (ආදරේ සිහිනෙකි)

ගායනය - සුරංග ලක්මාල්
රචනය - උදාර ප්‍රගීත්
සංගීතය සහ නිෂ්පාදනය - බිම්සර වලල්ලාවිට
ගිටාර් වාදනය - චන්දන සනත් කුමාර


http://www.youtube.com/watch?v=ykGKfrV-Chs

Thursday, April 25, 2013

නිහඬතාවය....හරිම මිහිරී....!!!


මලක් ගැහුවමනම්
මම ඔයව
හම්බවෙන්න
ආසයි...
මතට හීනිවෙච්ච
ඇස් වලින්
ඔයා දිහා බැලුවම
ඔයා අහනව..

"ඇයි ඔය විදිහට
මාදිහා බලන්නෙ"

"ඒ ඔයා ගැන
තියෙන ආදරේට"

Wednesday, April 24, 2013

හැඟුම් බර කවි සිතක සෙනෙහෙබර ආමන්ත්‍රණය.....


හැඟුම් බර කවි සිතක සෙනෙහෙබර ආමන්ත්‍රණය.....
අප්‍රේල් මස 26 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ වේලාවෙන් රෑ 9.00 ට....ලන්ඩන් වේලාවෙන් රෑ 10.00. ට...."කවි සිතක් අද්දර..."
සොඳුරු කවි සිත......සුරංග ලක්මාල් කිවිඳුන්.......සඳස රේඩියොවෙන්....
http://www.youtube.com/watch?v=qkYw2a8c1ks

http://sandasaradio.lk/

Saturday, April 20, 2013

හීන නැවත තනමු...

දකින හීන
බිඳ වැටේවි
දුක හිතේවි
නෙතින් කඳුළැලි
සැලේවි
එහෙත් අපි හීන
දකිමු......
ඒ හීන
අපව ජීවත් කරාවි...
හිරු නැගේවි
මල් පිපේවි
ඒ මලුත් පරවේවි
එහෙත් අපි හීන දකිමු..

Thursday, April 11, 2013

අහිමි උණුහුම…………



වහිනවට මං හරි ආසයි, ඒ වැස්සෙ හඬ මට පුදුම තරම් සුන්දරත්වයක් හිතට අරගෙන එන්නෙ, වෙනදට මං වහිනකොට ඇස්දෙක පියාගෙන මුළු හදින්ම වැස්ස එක්ක අවනතවෙලා සංගීතයක් වගේ දැනෙන ඒ හඬට සවන්දෙනව.. පුදුම සතුටක් සැහැල්ලුවක් හිහට දැනෙන්නෙ. ඒත් ඒ සතුට සැහැල්ලුව මගේ හිතින් යන්න ගිහිල්ල . දෙනොදාහක් ගැවසුණ කුරු‍ටු මතක ඉතිරි කරල ගිය හොස්ටල් කාමරේ, කවදාවත් මට තනියක් නොදැනුණ කාමරේ, මහා මූසලම මූසල පාලුවකින් පිරිල. හිතට දැනෙන වේදනාව තවතවත් හන්තානෙ හීතල වැඩිකරනවා. මේ සරසවිය පුරාවටම ඔයා මට ඉතිරි කරපු මත , බලන බලන තැන මාව අරගෙන යන්නෙ ඔයාගෙ ළඟටමයි. ඒ මතක තව තවත් මාව වේදනාවේ පතුළටම ඇදගෙන යනවා. මම ඉවසගන්නම බැරිතැන දිගට වැවිල තිබ්බ කොණ්ඩෙ වැරෙන් ඇදගෙන ඇදගෙන ගියා. ඇ‍ඳෙන් නැගිටල ගිහින් පුළුවන් තරම් හයියෙන් කාම්රේ බිත්තියෙ ඔලුව හප්පගෙන හප්පගෙන ගියා, නිලංකාරවෙන දෑස් අතරෙත් මට මැවිල පේන්නෙ ඔයාගෙ රූපෙමයි, ඒත් මං තව තවත් ඔලුව බිත්තියෙ හප්පගෙන ගියෙ මුළු හොස්ටල් එකම දෙදරන්න. ඒ එක්කම මට වාරු නැතිව එහෙමම බිම ඉන්දවුණා... ඔලුව පුපුරු ගහද්දි එලියෙ වැස්ස වගේම සැරට ඇස් දෙකෙන් කඳුළු කඩන් වැ‍ටුණ. මට ඒත් වේදනාවක් දැනුණෙ නෑ ඊට වඩා මගේ හිතේ තිබ්බ ගින්දර ගිනි කඳක් වගෙ ඉහලට මතුවෙමින් මාව ගිලගනිමින් තිබුණ , මේ සේරම මගේ වැ‍රැද්ද........... මං ආයාසයෙන් නැගිටල අමාරුවෙන් ඇඳට නැගල ඉඳගත්ත.... දැස්දෙකේ පිරෙන කඳුළු කම්මුල් දිගේ ගලාගෙන හැලුණා .. ඒ කඳුළු වල මට දැනෙන්නෙත් ඔයාගෙ උණුහුම. වැඩිවෙන වේදනාවත් එක්කම මං තදකරල ඇස්දෙක පියාගත්ත..

හීන අතහැර......



අතීතය මා හැඳින
ගත්තෙමි
අඳුරු වන පෙත්
එලිය මංපෙත්
විනිවිදිමි
සිසාරා ඇවිද්දෙමි,
ජීවිතේ මැවු සිහින
කිසිවක් එහි නොදැක්කෙමි
ක‍ටුක කර්කෂ
දුකම පමණක්
නැවත වින්දෙමි...
පෙණ බුබුළු තුළ
ගෙවූ ජීවිත
පාවි පාවී ඔහේ ඇදෙනා
හැටිද දු‍ටුවෙමි

වැරදිකරුවෙකු ද... නොවෙද... මං....?

දිනෙන් දින මැකීයන මුත්
ඔබ  පැළැන්දුව
මුදුවෙ සළකුණු
හිතින් කෙලෙසක
ඉවතලන්නද ,
දෙනෙත් පි‍ටු පස මැවෙන
මතකය..
ටිකින් ටික ඔබ දුරස් වූවද
අහිමි සෙනෙහස කඳුළු අතරින්,
සිය දහස් වර නුඹ
පෙනී නොපෙනෙයි
විදුලියක් සේ
ගගන දිලිසෙන,

Monday, April 1, 2013

සිත පාරන මතක..





හිත නොසංසුන් වුණාම  පොඩ්ඩක් තනිවෙන එක තමයි හොඳම දේ. එහෙම හිතන ගමන් මම කොට්ටෙ ඇඳේ විට්ටම හේත්තුකරල ඇඳේ ඇලවුණා.  වෙලාවකට නිහඬතාවත් හරිම ඝෝෂා කාරීයි. ඒ තනිකමේ  නිහඬතාවයේ ස්වභාවය , අපිව ජීවිතේ අඳුරු අහුමුලුවලට නොදැනිම ඇදගෙන යනවා.  කොයිතරම් අමතක කරන්නට හැදුවත් හදවතේ ඇනිච්චි ක‍ටුවක් වගේ ඒවෙලාවට පරණ මතකයන් අපිව පාරනවා. ආදරේ කොයි තරම් පුදුමාකාර දෙයක්ද ...? වෙලාවකට දුකත් වෙලාවකට සතුටත් අරගෙන එන්නෙ අදහාගන්න බැරි විදියට.  අපේ ආදරේ හරියටව හින්දි චිත්‍රපටයක් වගේ කියන එකට ඕනතරම් සාධක මට ඔයාට ඉදිරිපත් කරන්නට පුළුවන්. මං ඔයාට ආදරේ කරන්න පටන්ගත්තෙ ඔයාව දකින්නත් ඉස්සෙල්ල. ඒක කොහොම වුණාද කියල මම අදටත් දන්නෙ නෑ. මම ඔයාට ආදරේ කළේ  වෙන කිසි දෙයක් නිසා නෙවේ ඔයා හින්දමයි.. මොකද මගේ ජීවිතේ බලාපොරොත්තුවුණ සිහින චරිතයේ වැඩි හරියක් ඔයාට තිබුණා.  මේ තරම් ආදරයක් කොහොම මගෙ හිතේ තිබ්බද කියල මටම තේරෙන්නෙ නෑ.. වසර දෙකහමාරක් කියන්නෙ  පුංචි කාලයක් නෙවෙයි . මගේ ජීවිතේ වටිනාම කාලෙන් අවුරුදු දෙකහමාරක් මං ඔයා වෙනුවෙන් කැපකළා.  මට වෙන කිසිම දෙයක් ඕන වුණේ නෑ, ආදරය, නිදහස විතරයි මට ඕන වුණේ . රාගයෙන් තොර ප්‍රේමයක් නැහැයි කියල කිව්වට මට ඔයාගෙ ආදරේ ඇතුළෙ ඒ විරාගික පාරිශුද්ධ මොහොත අනන්ත දැනිල තියෙනවා..