Friday, November 27, 2015

කටු පිරුණු
පතොක් මත
පවා
පිපෙයි
සොඳුරු මල්

^සූ

ඔබ හැර !

ඔබ නිසා
වින්ද දුක
සෝ සුසුම්
කඳුළු බර
ඔබට හැර
තවෙකෙකුට
කියා සතුටක්
ඇතිද
ඔබ නැතිව
ඔබට හැර
ඔබ දුන්නු
මේ ගින්න
නිවාලනු
හැකි අයෙක්
මේ දියත
කොහි ඇතිද?

^සූ

මේඝ දෙව් දුව...!

මා හා හිනැහුණු
නිල් කටරොළු
මල ඔබ විය

නෙතින් නෙත
ගැටුණු නිමේෂය
අවර ගිරින් හිරු
වැසෙන විරාමය

නොකලට හමුවූ
මේඝ විලාපය
යලිදු දකින්නේ
කෙලෙස කුමාරිය.

^සූ

මවුනි..!


දෙනෙත් හිටියට
මග බලාගෙන
යලි නොඑන්නම
දුරක ගොස් ඔබ
කඳුළු නොහෙළුව
දුක දරාගෙන
ගැහැට විඳි ඔබ
සතුට දී මට
සිළුටු වත හිමි
යකඩ ගහැනිය
මවුනි මා මග
පහන් සිළ ඔබ...!

^සූ

කුහුඹුවා ..!

සීනි බෝතලෙක
හිරවුණ
පුංචි කුහුඹුවෙක්
වෙමි මම
මිහිරට ලොල් වී
රැවටී අවතැන් වූ

^සූ
ගැඹුරු පිවිතුරු
වුණත්
කරදිය
සොඳුරු පියකරු
පියුම්
නොපිපෙත..!

^සූ

අවරෝධිත ප්‍රේමය

විදි ගැහැට
ප්‍රේමයෙන්
දරන්නට නොහැකියෙන්
විටින් විට
දිගු කලක්
යටි සිතේ සැඟවූ
සුන්දරම සිතිවිල්ල
හුදෙකලා වියෝගය
මවන දුක් අඳුරක්ව
දිනෙන් දින
ටිකින් ටටික
මා වෙලයි අඳුරකින්
පියවි සිහියද රැගෙන
ඉවත යයි මා කෙරෙන්
මධු විතයි
දුම් රොදයි
දෙමිතුරන් පමණකිය
තවත් මට ආදරෙන්
මා අසල
රැඳෙන්නේ...
ප්‍රේමයත් ප්‍රේමියත්
කොතැනකද
සිටින්නේ....!

^සූ
නුඹෙ නයන
මුදු දෙතොල
තිඹිරි යුග
පටු නිතඹ
දුටු මතින
බරවේ දෙනෙත්
මතින්
තොල නොගෑවද
මධු විත....!

^සූ
මලෙවි කරළියේ
පිපි මල තුඩගින්
මධු මී බිව්
මී මැස්සෝ
පරිද්දෙන් මී බී
තුටු වන්නට
කැමතිද...
බලන් .,
දුටුවද සබඳිනි
තිවංක ගෙයි
බිත මත

^සූ
අබ මල්
රොනකට වඩා
අඹ මල්
රොන කුඩාය
රොන් නොමැති
නෙක මල්ද
ඇත්තේය....
සම්මතය නිවැරැදි බව
පිළිගැනීමම
නිවැරැදි නොවේ

^සූ
හිරු නැගුණොත්
ඔබ යාවි
ඉඳින් මා
තනිවේවි.
අඳුර මා මිහිරාවි
එළිය
සතුරුව ඒවි

^සූ
ඉටි පහනකි
මා
අඳුරෙදි පමණක්
ඔබට
අවැසි වන...!

^සූ
රාත්‍රිය
නුඹ සතුරෙකි
තනිකඩ
හිතට

^සූ
ඉන් මිදෙන්නට
මගක් නම් නැති.
අපිස් දිවියට
හුරු කරන්නෙමි
ප්රේමයද
වළලා දමනු රිසි
හුදෙකලාවට
මග සදන්නෙමි

^සූ

වේදනා... !

 එකක් පසුවට එකක්
කිසි දිනෙක සමුනොගත්
වේදනා මහ ගොඩක්
නිදි නොලද දිගු රැයක්

හැඟුම් තරු කැන් මිටක්
තුටින් තුරුළට කරන්
සැතපෙන්න හීනයක්
තිබුණු පෙම්බර හදක්

කඳුළකට උල්පතක්
සුසුම් සැඩ මේඝයක්
හද මහා ගිනි ගොඩක්
නිරය සැප ඇති හුඟක්

^සූ

මැරුණු කඩුපුල..!

මැරුණු බව
දන්වා එවී
සුළඟ අත
රැයේ ඉපැදුණු
සුවඳ කඩුපුල

දකින්නටවත් නොවී සමුගත්
දුකට හැඬුවේ
හිම්දිරි සියොත් කැළ...!

^සූ

පිරිමින්ගේ ගෑනු හිත්

හද බරට පිට පනින
කඳුළු කැට රහසේම
මුළු රෑම පිසදාන
දහවලට හිනැහීම..

තුටු මූණ පෙන්වාන
හුදෙකලා නැවතුමක
කප්පරක් දුක් විඳින
කිසිවෙකුට නොම පේන
කිසිදාක හෙළි නොවන
පිරිමින්ගේ ගෑනු හිත්..!

^සූ
වට වැහි බිඳත්
බෙහෝ කලකින්
වහා ගිලගති
මහා පොළොවම
පිබිදිය යුතු නිසා 
නැවුම්
තණපත්...!

^සූ
පිපාසෙට
පැණි බිඳක් බිව්වට
සිතුවෙ නෑ
තලන්නට පෙති
අත් වැරැද්දට 
සමා දිය හැකිද?

^සූ

හිට්ලරයෝ

 
හිට්ලරයෝ
ඇඳුම ගලවා
හඬමින්
ලියුම් ලියති.
නීතිය 
පොදුවිය යුතුය
සත්‍යය
ජයගනු ඇත...!


^සූ
සැඩ හිරුට
එරෙහි වෙන
පිනි බිඳුත් ඇත
තණපත් මත
තනිව තව...!

^සූ
ඇතැම්මු ගස්
ඇතැම්මු වැල්
ඒ අතර
පොඩ් පඳුරු
මල් පිපුණු

^සූ

අමාවක....

අමාවක....
සඳ
අද
නිවාඩු...!

^සූ

මියැදුණු ආත්මය

සියතින්ම ළය පලා
මියැදෙන්න තරමටම
දිවෙන දුම්රියක වැද
කැබලිවන තරමටම
හදවතම කකියවන
දුකට නැවතුම් කොහිද?

කාටවත් නොම පෙනෙන
මහ පොළොව නුඋහුලන
හිතේ බර වෙන කෙලෙස
ලේසියෙන් දුරලම්ද?

සාගරය අසළ හිඳ
හඬ හඬා මහ හඬින්
දුක කීතුකර ඉරා
හරින්නට මට හැකිද?

මූසලයි පාළුවයි
ඇස් පහුරුගානකොට
දිය නොකර කඳුළුබර
විඳදරන් සිටිහැකිද?

හිරි වැටුණු දෙපා යුග
ගාටමින් මට තනිව
සඳ එළිය මත තනිව
පා නගා යා හැකිද?

ජීවිතය මට නැතිව
ජීව හුස්මක් නැතිව
මිය ඇදුණු ආත්මෙක
තවත් ඉන්නට හැකිද?


^සූ

ආදරය..!

අඳුරු ගැඹුරු
ළිං පතුළේ සිට
සීරුවෙන්
හෙමි හෙමින්
ළිං කණ්ඩියට ගෙන
නැවත ළිං පතුළට
වැටෙන්නට
පහරදෙන
ආදරය..


^සූ

වියෝව .... !

සුසුම් පවන් මැද
මගේ ළඟින් හිඳ
වගේ වගක් නැත
ඔබ සමඟ කතා බහ

හදේ ගැහෙන නද
ඔබ ඔබේ කියාගෙන
මට තවත් ළංවුණා
දෑතින්ම බදා බඳ

ඔබෙ සුමුදු කොපුල් තල
වැදි වැදී දෙතොල මත
මුනු මුනු නද දුන්නා
සවනතට ළංව හිඳ

පෙර මගේ කියා ඔබ
අද මගෙන් දුරක හිඳ
ඔහු හා සුවවින්දා
මගෙ දෙනත් ඉදිරි පිට

^සූ

ප්‍රේමය නම් ...

ප්‍රේමය නම්
දෙතොල් අග මිමිණෙන
වදනක් නොව
එය
හදවතේ
දෝංකාරයයි ..!

^සූ

ආදරයද මේ ...


නිමා වෙන්නට
වගේ ඇත තව
ගිම්හාන යලි වතාවක්
වසන්තය අත වනයි
සිත ළඟ
මුමුනමින්
තාව රස කතාවක්


^සූ

හැරගිය මලට ඇරැයුමක්

නිල නුවන් පිය නොවුණු අහස යට ඉකිබිඳ
සමනලිය මල අතැර කොහේ යන්නේ පවසන්න

මකරන්ද සුව රැගෙන බමරිඳු ගිය දිනෙක
මා තවම ඈ නමින් ඉන්න බව පවසන්න

සුවඳ නැති මලකි ඇය ඔබට ඉන් පල කිමද
සුවඳ මල් දස අතම ඇති තරම් අරගන්න

මල් සුවඳ ඉව කෙරුව බමරෙක්ව පැනයන්න
නොව පිදුවේ මුල්ම පෙම ඈ නමට පිළිගන්න

පෙති තලා රොන් උරා අතරමග මිය යන්න
අතැර ගිය මුත එමල මට හැකිය රැකගන්න

කිළුටු මලෙකින් කුමන පල ඇතිද පවසන්න
පිවිතුරුව ඇති කලෙක මිස එයින් පල කිමද

මල මලක් මිස සුවඳ හැඩ පාට අරගන්න
නොව මලට පෙම් කළේ ඒ හිතට අරගන්න

පාට හද මකරන්ද නැති වුවද අහගන්න
ඒ සෙනෙහෙ ඇත හදෙහි ඒ සැමට හරියන්න

^සූ 

දෙන්න අවසර ...!

නිසොල් මන් වී
මා මෙතෙක් කල්
ඔබේ අබියස
බලා උන්නෙමි

ඉදින් අවසර
දෙන්න නොහැකිද
වෙන්න දොඩමළු
එක් වරක් ..

රිදුණු දෙහදක්
තුරුළු කරගෙන
දෙතැන සිටියා
ඇති බලාගෙන

ඔබෙ සුරත ගෙන
අලුත් හෙටකට
පියනගන්නට
දෙන්න අවසර ...!

^සූ

ඉඩ හරිනු මැන

සියුම්කම්පන
නහර වැල් තුළ
නගන රාවය
සොයාගනු මැන

හදක තෙරපෙන
සුසුම් පොදකට
තෙරපි තෙරපී
ඉන්න දෙනු මැන

නෙතින් වෑහෙන
හැඟුම් බිඳකට
කොපුළ මත හිඳ
ගිමන් නොම හැර

දකින්නට පෙර
තවත් දෙනෙතක්
සැඟව යන්නට
ඉඩ හරිනු මැන


^සූ

ජීවිතය නම් වලාකුළකිය

ජීවිතය නම්
වලාකුළකිය
විටින් විට
නෙක හැඩ මවන

විටෙක ක්ෂය වෙන
විටක දැඩිවෙන
කෙඳි කැටිති මීදුම්
වෙසින් එන

සෞම්‍යය
සිතුවිළි මවාදෙන
විටෙක දැඩිවෙන
හෙණ විදුලි දෙන
අසුරු සැණෙකින්
දවා හළුලන....

ජීවිතේ නම්
වලාකුළකිය
නොනැවතී හැඩ
මවා පෙන්වන

^සූ
ඔබේ දුක ඉදිරියේ
දොඩමළු වූ හිතම
මගේ දුක ඉදිරියේ
ගොළුව ගල් ගැහුණාද ?

^සූ
කඳුළක උණුහුම
අඳුනන ඔබම
මට කඳුළු දුන්නත්
ඔය හිතට දැනුණු බර
ඉවසන්න දිරිදුන්න
මටම යලි ඒ දුකම
පවරලා නිහඬව ඉන්න
දුකක් සිතුණෙම නැද්ද ?

^සූ

මලක් වන මුත්

නෙත්කළු
මලක් වන මුත්
බුදු පුදට මට
වරම් නැත්තෙමි
නියඟලා
මා
නියඟලා


^සූ
අහසම ඉකිබිඳ කඳුළැලි සැලුවා
මන්දාරම් අහසම තනි මැකුවා
මිහිකත් වැදහෙන සීතල කඳුළද
සෝ ගින්නෙන් උණු වී තිබුණා

දෙබෑ කරගෙන නීල ඝණඳුර
කළු අහස මත විදුළි කෙ‍ටුවා
හදිසියෙන් එළි වූ විජිතයම
පෙර ලෙසම යලි අඳුරෙ ගිළුණා

බොඳව පෙනෙනා අවට ලෝකය
පවසාවි මුදු හදක වගතුග
කාටවවත් නොපෙනුණත් හදවත
අදත් පෙරලෙස වැළපුණා

^සූ
මම කවි ලිව්වෙ
වෙන කාටවත් නෙවෙයි
මට.

ඒ ආදරේ ගැන
ඒ උණුහුම ගැන
ඒ අහිමිවීම ගැන

මට
කියව කියව
අඬන්න...!

^සූ

"නානත්ථ කායා නානත්ථ සංඥා"

ඔබ සිනා සෙන්න
එක වරක් තව
විවිධවූ ලෝකයේ
විවිධ මිනිසුන් අතර
ඇතිවෙනස හඳුණාගෙන

කඳුළකට
සියුම් සංවේදනයකට
ඉඩක් නැත
සංවේදනය නොවන
යාන්ත්‍රිකවූ
මිනිසුන් ලෙස
ඔවුන් වටහාගෙන
තව වරක් සිනාසෙන්න

ඔවුන් තුළ තමා
නැතිබවද
සකම්පිත හදවත්
හිඟ බව ද
මේ බිම තුළ,
වටහාගෙන හිනැහෙන්න
තව වරක්...

හිනැහෙන්න ඔබ
ඔබ සමඟ
සිනහව ලෝකයෙන්
නොයිල්ලාම

"අත්තායි අත්ත නෝ නාථෝ
කොහි නාතෝ පරෝසියා"

"නානත්ථ කායා නානත්ථ සංඥා"

^සූ

බිය

මා ප්‍රිය මිත්‍රවරුනි,

ඔබට, මට ඇත්තේ
සියල්ලම අහිමි වේයැයි
ඇති බියයි.
අප නැතිකර ගත යුත්තේද
එයයි...!

^සූ

Tuesday, October 28, 2014

වියළි කතරට..!

වියළි කතරට වැටෙන පින්නට
පවා මිහිකත ආදරෙයි
නැගුණු සරතැස හමන සීතල
මද නළින්මුත් නිවාලයි

රිදවන්න නොහැකියෙන්..!

රිදවන්න නොහැකියෙන්
ඔබේ හිත වදනකින්
ඉවසා උනිමි
බොහෝ දේ
අප වටා සිදුවන
ඔබ ගියා නිදහසේ
ඔබට රිසි ලෝකය සොයන්

Thursday, October 23, 2014

වැස්ස.....



මහා ගර්ජන
හඬට බියවී
බිඳුණදෝ හිත
සැනසුම
අඬනවා නුඹ

ගිනි

පොළොව
බෙරිවෙන්න
වැස්සද
නොනිවෙන
හිතේ ගිනි

^සූ

Wednesday, October 22, 2014

පිළිහුඩු සහ මාළුවෝ

ඉහළ යන වේගයෙන්
දියමත පතිතවන
පිළිහුඩු
දඩයක්කාරයෝ
.
.

Tuesday, October 21, 2014

උදෑසන..!

අපට නොහැඟෙන
අපට නොදැනෙන
බසින්
අප නොලී  කවි
අප නොදත් කවි
ඔවුන් ගයති
මිහිරි හඬින්
වසන්තයේ සුවඳ
මල් පිපි
අතු පතර සිට

Monday, October 13, 2014

මම මලක් ඔබ ගලක් නිසා ..!


ඉවතලන කුසුමක්ව
එක්වෙන්න අතීතෙට
මමත් කොතරම්
අසරණද අද

තමන් සතු සියලු
දිය පිරිනමා

ගුරු දෙවියෝ ..!


රළු මුත්
වැලි කරදහි

මල්..!

පොදුවේ සියල්ල මල්ය
පියල්ලෙන් පියල්ල
ගලවා
අලවා සුමට පිටුමත

මියයන්න අවැසිමයි ප්‍රේමය..!

මියයන්න
අවැසිමයි ප්‍රේමය...
අහිමි වුව
ඉවතලනු නොහැකිය

කෝල මදහසින්

සඳ එන්න ..!

සඳ එන්න
මා සමඟ
මේ නිශා යාමයයි
පිනි වැටුණු නිල් තණපත්
මත වැතිර මදක් ඉමු

බූමරංගයක් මෙනි..!

වෙර යොදා ඈතට
වීසිකොට අනෙක්පස
හැරුණු පසු
උපමාවක් නැති කතාවක්
බැඳීමක් නැති ආදරයක්

Noindul Na Dalu-Suranga Lakmal

Nupearachchi from Studio O-vocal | Suranga Lakmal-Music | Dharshana Jayanath- Lyrics | Nuwan Thotawaththa-Video Production_studio O/pasindu/ED_Q Production
....
Staring | Suranga Lakmal , Omaya Fernando , Dinali Chamlka 



https://www.youtube.com/watch?v=W_ZSecG4Lcs 

පිස්සෙක්.....!!!



උඹල
සේරටම
පිස්සු.
වචන අමතක කර
කතා කරන මිනිස්සු
සරුව පිත්තල
ජීවිත තුළ සිරව
නොපුරන්න සිතුවත්
ආදරේ පෙරුමන්
ඉඩදෙන්නෙ නෑ ඉන්න
නොබලාම දෙනුවන්

තනිකම..!

ආවාද ගියාද
කීදෙනෙක් ජීවිතේට
ඒ හැම වරම
ඒ අයට ඉඩදී
පසෙකින් සිටියා ඔබ

එනතුරා මිතුරේ ...!

සියොතුනේ ගී
ගයන්නේ ඇයි
ඈ නොමැත නෙත් මානයේ
මූදු හතකින් ඈත ගොස්
ඈ නැවත මෙහි එන්නට නොවේ
දුක් දෙන්න ඇති
හුඟක්
පෙර කලෙක
සමනල,
මී මැසි, බමරුන්

නිදහස ....!!


එක ‍රැයින්
අහසින් වැටෙන්නේ
නැත
සේපාලිකා මල්
නෙළන්නේ නැත
වැටුණු මල්
පුදනවා මිස..

ආශ්චර්යයයි... ආසියාවේ ආශ්චර්යයයි......!

දසතින් උතුරා ගලන්නේද
සෑම මුහුණකම පෙනෙන්නේද
මහතොටද , බසයේද , පදික වේදිකාවේද
බත් පතේද , පසුම්බියේද , තේ කෝප්පයේද
පාස්ලේද, ආයතනයේද, උසාවියේද
පාර්ලිමේන්තුවේද, කෝච්චියේද
මහමගද,
අකුරු කළ මගේ
හැඟුම්
සිතිවිලි
ඔබේ ආත්මය
ස්පර්ශ කළෙහිද..?
මුවින් සිනාසුණු
වරදට
ඔබ
නිවෙනට 
දැවෙන 
නිවන නිවෙන
මගම යනෙන 
නොදැන නියම 
මගම දුවන 

අකාලේ විසිරෙන කැකුළු මල් ..!

ඈත මුහුදේ
‍රැළි පෙ‍රැළි පිස
හමන උඩු හුළඟට පෙමින්
තාලයට කවි ගීත ගයනා
නීල වැටකේ පඳුරකින්
එහා කළුවර අතරකින් එන
හීන් කෙඳිරිලි හඬක් ලෙංගතු
විරාමයකින් පසුව ඉකිබිඳුමක්ව
හදවත පාරවයි....

Kathaakarana heenayak

My New Music Video - Kathakarana Heena athare 
- Eranga With Eranda Niwarthana Dinesh Tharanga II Piumi Hansamali Madhuni Pavithri NanayakkaraNanayakkara

http://www.youtube.com/watch?v=QTMj2wQrVs4
ඔබේ කඳුළට
මගේ සිනහව
හුවමාරු කළ
ගනුදෙනුවක්
විය
ඇති සියලු වෙරදරා
පීදුවෙමි මල්
ලස්සන..
පිනි බිඳකි මා
‍රැයේ මල් මත පතිත
හිරු වඩින තෙක්
පමණක්
ඇගෙ සිනාවේ
දුන් ඉනාවට
ගොනාවේ

ඈ...!


පට්ටයි
ටිකක්
කෙට්‍ටුයි
ආදරෙත්
සිගරට් වැනිය
බලපෑම
වෙදැඟිල්ලේ සිරවූ
මගුල් මුදුව 
තරම්වත් 

පමා නැත විමුක්තිය


මරු තුරුළු කර
ගෙවන ජීවිත
සැණෙන් බි‍ඳෙනා
දිය බුබුලු මෙන
එහෙව් ලෝකෙක
අනුන් පාග
ලබන ජයකින්
කුමක් ලබමුද..?

පොරිමෙන් පිපිර
විසිරුණි
මා ඔබ කෙරෙහි තැබූ
විශ්වාසය..

Sunday, October 12, 2014

ප්‍රේත වත්තු..!


ප්‍රේත වත්තු
පින්තූරයක් නොපෙනෙන
අදෘශ්‍යමාන භූත ප්‍රේත
ප්‍රොෆයිල්
නෙළාගෙන අතට ගත්
මලක් විගසින් පරව යන බව
දැන දැනම ඒ මල නෙළා.
ඈත හිමගිර
මුදුණෙ පායපු
පහන් තරුවට
පෙම් කළා මම
නිල් දෑස පෙන්නලා
ආදරෙන් හිනැහිලා
ඔබ එවපු
ආදරේ දඟ පන්දුවට

ආදරය.......!!!


හරියාකාර පන්දුවකට
දැවී ගියානම්
දුක නෑ..
ඒත්

මෙරු..!

හිටි හැටියෙ කාලෙකට
පියඹා විත්
සියොළඟම වසාගෙන
නොසන්සුන් කර

වෙසක් සඳ නැග එන්න..!

වෙසක් සඳ නැග එන්න
තවත් ටික කාලයයි
වසන්තය ගේ අවට
මටම ඔච්චම් කරයි
පමණට වැඩි
කෑමද
පමණට වැඩි
බීමද
බෝ ගසක් උව
නියමිත තැන
නොතිබ්බෝත්
එහිවටිනාකමක් නැත.
මා විනිවිද දකින්න
ඔබට
තියුණු ඇසක්
උවමනාය
මතුපිටින් ඔබ දකින
මා

Saturday, October 11, 2014

සැළලිහිණිය මියුරු හඬින් ..!


සැළලිහිණිය මියුරු හඬින්
ගයනා ගීයක ස්වරයෙන්
හීන් හඬින් සවන් අතර
‍රැව් දෙන ඔබ මියුරු වදන්

සීතල මේ රාත්‍රිය


සීතල මේ රාත්‍රිය
උණුසුම් වේවී
නොයිවසිලිමත් මගේ සිත
රස තැන් සොයයි
ඔබ සිරුරමත
නිවාලන්න රාග ගින්න
තවත් ඉවසුම් නොදෙන
යලි එතැයි බලා 
නෙතු පිය නොසලා
කල් පයක් ගියා ගෙවිලා
නෙත් පියන් වසා 
මද නළක් වෙලා 
මටම කියා ඔය ඇස්දෙක 
සන්තකකර දෙන්න
තව හිතකට හීනෙන්වත් 
එපා මග කියන්න

නිහඬ ගමනට මාත් එක්කම..!


නිහඬ ගමනට මාත් එක්කම
යන්න එනවද මියුලැසී
ඔබෙන් වෙන්වී යන්න නොහැකී
නොහඬා ඉනුමැන පෙම්බරී
අවසාන විනිශ්චයේදී 
භාග්‍යවතුන් වන්නට 
අපි සැමදාම 
දුක්විඳින්නෝය.

^සූ

වහා පිළිතුරු උවමනාය....!



මැවුම්කාර දෙවියන්ගෙන්
වූ අසාධාරණයට
වගකිව යුත්තෝ කවරහුද
දෙවියන්ට වුව
හිතුමතේ කටයුතු කිරීමට
ඉඩදිය නොහැක

නෙත් පියවූවාට..!


නෙත් පියවූවාට
නිදි නොමැති කමට
වරද ඔබ අත නොව.
හැඟීමක සරල බව
වටහාගත නොහැකි
සිතකට ප්‍රේමය කාන්දුවීම
කෙතරම් අරුමයක්ද...