Thursday, January 19, 2012

" එන්න ම'පුතු මගෙ දෝතට පපා සෙනේ"

එන්න ම'පුතු මගෙ දෝතට පපා සෙනේ
දුන්නු සෙනේ මව් හට ඇස් ඉමේ පෙනේ
දෙව් විමාන දෙව් සිරි මැවෙනවා දැනේ
මෙවන් සැපක් පියෙකුට තව ඇත්ද අනේ

දැවටෙන විටදි මුදු අතපය මගේ ඇඟේ
මිහිපිට තවත් සතුටක් නැති විලස හැඟේ
පිය පදවිය රජ කිරුළක් විලස අගේ
තවත් කුමට සැපසම්පත් මෙමට සගේ



සුමුදු කොමල පෙම් සුරතල් පුංචි පුතූ
මවටත් මටත් වටිනව ඔබ වගේ මුතූ
ලබන්නට ලොවේ ජීවය නිතර පැතූ
පුන්සඳ නුඹයි අපෙ ලෝකෙට මෙයින් මතූ

කරමින් ආලෝක නිවසම හඬ රන්දා
දෝවා කිරි සිනහ මා හද දොස් බින්දා
රන්සළු රිදීසළු මාපිය ගත අන්දා
සුරපුරයටම ඔබ අප යනවා කැන්දා

ඔබයි මගේ ලොව සිළුමිණ එරන් පුතේ
දු‍ටු මුව කමල ගත විඩාව සි‍ඳෙයි පුතේ
ම'දිවි මගට අගයක් එක් කෙරුව පුතේ
දහස් වරක් පින් සුරතල් පුංචි පුතේ

4 comments:

hi