Thursday, January 19, 2012

අම්මේ.........

මා කුසට ආදිනේ සිට ඔබගෙ අම්මේ
නොයෙක් දුක් කම් කටොලු වින්ද ඔබ අම්මේ

සල්ලාල ජඩෙකුගේ බසට නුඹ අම්මේ
ප්‍රේමයේ නාමයෙන් දිවි දුන්න අම්මේ

සොරාගෙන නුඹෙ දිවියෙ වටින කම අම්මේ
සැඟවිලා ඔහු ගියත් ඔබ ඇතර අම්මේ


නමක් නැති පියෙක් නැති මා හදනු අම්මේ
මා නුඹට බරනැතිද කියාපන් අම්මේ

ආදරේ සිහි වටන නුඹට දී අම්මේ
මා පියා ඔබ අතැර ගියාදැයි අම්මේ

අපහාස නින්දා නෙක ගැහට අම්මේ
ඉවසන්න නුඹට දිරි තව ඇතිද අම්මේ

සල්ලාල දනන්ගේ දෑත මැද අම්මේ
නුඹේ දිවි දියකළා නොවේද නුඹ අම්මේ

කාසි රුපියල් පඬුරු ලබන ලෙස අම්මේ
සොයා ගොස් මස් කඳුළු උකස් කොට අම්මේ

බිල්ලකට පුදා ඔබෙ ආත්මය අම්මේ
මා හැදු නුඹට පින් මගේ බුදු අම්මේ

තවරාන විලවුනෙන් සුවඳදී අම්මේ
රෑ දෙකේ දහවලේ වෙහෙසවී අම්මේ

මගේ කුස පුරවන්න අහර ගෙන අම්මේ
නුඹ ගෙදර එන විටදි සිත දැවෙයි අම්මේ

ශිෂ්ට යැයි පවසනා දනන් මැද අම්මේ
අශිෂ්ටව මා හදනු වෙර දරන අම්මේ

කාට වරදක් වුවද, නුඹේ දුක අම්මේ
දනිමි මම නුඹේ ගැන මගේ බුදු අම්මේ

කම්සැපට ගිජුවෙලා සැප සොයා අම්මේ
නොවේ නුඹ විකිණුවේ නුඹෙ සිරුර අම්මේ

ඉවසාන සියලු දුක සිනහවෙන් අම්මේ
මා අතැර නොගිය නුඹ බුදු වෙයන් අම්මේ

^සූ 

No comments:

Post a Comment

hi