Friday, January 20, 2012

“ඇයයි විරාජිණිය……..”




දු‍ටුවාට වඩා
උසයි ඔබ
මහ උසයි
වේදිකාව මත..
සිහිවිය,
ඇන්ටිගනී තුළ,
මහා උස හැහැනිය
ප්‍රතාපවත් ගැහැනිය
ඇගේ ප්‍රතිභාව..
ඇයයි විරාජිණිය

මා අසල සිටි
සුන්දර ගැහැනිය
තු‍ටුයි
මා සිත
බොහෝ කලක් තිබූ
සැබෑවූ සිහිනය...
පෙම් කරමි
තවද
පෙම් කරමි
අහස් වස්තුවට
සිතුවද
ලං විය නොහැකි..
ප්‍රසාදිනිය ඔබ
ප්‍රසාදයක්මැයි මා
පුහුදුන් සිතට.
වරුණ කිව නොහැකි වරුණිය
හැඩයි, හරි හැඩයි
ඔබෙ හිනාව
පිනයි සිත නිවයි
ඔබෙ හඬ ප්‍රතිභාව
දීඝායු වේවා!!!!  ඔබට
.
.
.
.
සිහින විරාජිණිය.

^සූ (2012.12.20)

2 comments:

hi