Thursday, January 19, 2012

"මගේ සඳ ඔබ.."

කලා සොළසම පිරූ පුන්සඳ
නෙළාගෙන කිරි දියර මුසුකොට
තනා නිමකළ කමල ඔබෙ මුව
සඳට උවමන් කරන සඳ' සඳ
විලිවැදී සැඟවෙයි වළාතර

නිලා සිකිපිල සේම වරලස
සළා වතුකළ ඔබේ නිතඹට
විදා නා දලු දෙතොල් මදහස
හංස ගමනක යනෙන හැඩකර

විදා නිල්නෙතු අගින් කැල්මන්
මත් කළා සිත සේම මධුවිත
කළා මුවගොළු නාද කුරවික
මධුර ස්වර මුව විවර කර ඔබ

සසර අත්බැව් පුරා පිරිසිඳ
බැනුම් අවමන් නිරා දුක් ලැබ
සොයා දසඅත විරා දුක් විඳ
ලදිමි සුරඟන පරදනා නුඹ

^සූ 

No comments:

Post a Comment

hi