Friday, January 27, 2012

බිඳුණු බලාපොරොත්තුව..


කතා නොකර කතා කෙරුව
ඔබේ නෙතට වසං වෙලා
බලන් හිටිය බොහෝ කලක්
ඔබ එන මග සිනා සලා

මාල පොටක් පළඳන්නට
ඔබේ කරට රනින් දුළා


පෙරුම් පිරුවෙ සෑම දාම
සිනාසෙන්න ළඟට වෙලා

කලක් ගෙවී කලක් ලබා
ගියත් මගෙන් ඈත්වෙලා
සතු‍ටු සුවෙන් හිනැහෙනු මැන
රන් යහනක් මතට වෙලා


^සූ 

No comments:

Post a Comment

hi