Thursday, January 19, 2012

"බමසර ‍රැක නිවනෙමි සිත විලසින් සිදුහත් ...."

ආලෙ බිඳුණ දා ලීලය ලැබගත්තේ
කෝල කමයි පෙර මා පෙරමුණ ගත්තේ
සීල ගුණය ඇතමා ගත හා චිත්තේ
මාල බඳිනු කුමටද පෝරුව මත්තේ

බාල වියේ සිට ප්‍රේමය පසු පස්සේ
දිව්වා පමණි නැත කිසිවක් ලැබ ගත්තේ
සෙව්ව වස්තු ඈ ඒ සේරම ගත්තේ
කුමටද තවත් අඟනුන් මට මතු මත්තේ



බන්දා හද පෙමින් ගොනෙකුට මා අන්දා
කැන්දා ගියා රටවට පෙම් සළු රන්දා
හන්දා ඇගේ ආලය , නින්දා වින්දා
සින්දා ම'හිස යන්නට සිත්වෙද මන්දා

නෑනා මගේ එනවිට ඇස් ඉදිරියට
පීනා හද සිතිවිලි කිමිදෙයි යටට
ගේනා උණු කඳුළු මා නෙත් ඉදිරියට
හානා හීය පේනා වැනි අඬහැරට

දරුමල්ලන් ලැබ සතුටින් ඉන්නට පැතුවත්
ඔබ හන්දා පැතූ සිහින බොඳවී වැ‍ටුණත්
දුන් දුක බෑ වළකන්නට කොතරම් හිතුවත්
බමසර ‍රැක නිවනෙමි සිත විලසින් සිදුහත්


^සූ 

No comments:

Post a Comment

hi