Friday, January 27, 2012

මහරජු කැකිල්ලේ..!

අහිංසක මෘගයින්
රට අරන් කරපිටින්
ගිනි ගෙනෙයි
දියයටින්.
සුදු පරෙවියො පිටරටින්
කැන්දාන එයි
තුටින්.


සම්මාන එපිටින්
ගරුනම්බු නෙක ලෙසින්
‍රැගෙන එයි.
සෝදයි, පහරා
පශ්චාත් භාගය
සුළු දියෙන්...

සංවර්ධන මායමක්...?
ආශ්චර්ය මිරිඟුවක්...?

මහරජු කැකිල්ලේ
අප නටවනව අල්ලේ......

^සූ 

2 comments:


  1. ලේ වැකුන අත් දෙකක්
    කර වටේ තොන්ඩුවක්
    විලිස්සන දත් ටිකක්
    මිනීමරු මහරජෙක්

    ReplyDelete

hi