Thursday, January 19, 2012

වියතුන් සභා මැද..!


වියතුන් සභා මැද
කරනා නෙ'විකුම් සොඳ
අනුවණ දනන් හිඳ
කරන හැඬලුම් කුමට දකිනුද

එනිසා ම'වියත්
සබඳිණි ම' හිතවත්
නොගෙන දුක් ඔබ සිත්
කලරිනු වෙමින් යහපත්


බන්දා එ' රන් දද
වඩවා යහන් කරසොඳ
සතපා සභා මැද
දනුය ශිල්පය විලස පුන් සඳ

බන්දා රන් කිකිණි
විලසින් රුවන් සිතුමිණි
ශිල්පය කෙළපැමිණි
රජහු ඇත මිල නොකළ හැකි මිණි

^සූ (2012/01/17)

2 comments:

  1. බ්ලොග් කවියේ රසට
    නව තාලයක් එක් කොට
    කවි රස පෙරටු කොට
    බෙදමු කවි නද සැම සතුටු කොට..

    බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න ඔබට ආසිරි... පතමි.... සුරංග..

    ReplyDelete
  2. ඔබට තුති චතුර...

    ReplyDelete

hi