Wednesday, March 13, 2013

********

මද සිනාවක් පෑව මනරම්
ළසඳ අහසේ පායලා
තෙළිතුඩින් ඇඳි ඉරක් විලසට
හීන් මදහස ගෑවිලා
සෞම්‍යවන්තිය ඔබේ වතමට
පෑ සඳකි අතරින් වලා.
දෙනෙත් අග ‍රැඳි
හීන කැටයම්

සොමි කිරණ වැද ඔපවෙලා
සීත පිනි මත නටයි තරු කැට
දිදුළ දෙනෙතට සමවෙලා
විසල් තුරුගොමු මැදින් ඉස්සී
පෑයුවත් එලි විහිදලා
සඳුද මට නැත
තරුද අද නැත
කුමක් කරනුද
විසල් අහසක තනි වෙලා

^සූ

2 comments:

  1. තනිකමත් එක්තරා වින්දයක් කියනවනේ මචං . .

    ReplyDelete
  2. අනිවාර්යයෙන් දුකා

    ReplyDelete

hi