Monday, March 11, 2013

ධූම කේතුවක්

චක්‍රාවාටයේ සැරිසරා
මං හෙව්වා
ධූම කේතුවක්
සැම කල් නොදකින
සැම කල් නොපෙනෙන
වල්ගාතරුවක්
පාවී ඈත අවකාශයේ
ඉගිල ගියා
මං තනිවම....

සොයා තනි තරුවක්
අඟහරුට උඩින් පායා තිබුණා
එක් ධූම කේතුවක්
තවත් තරුවක්
සමඟින්....
ශුන්‍ය වූ මා හැඟුම්
මුදා හැර සුසුමකින්
වාතලයක් නැති
අවකාශයට
ලතෙත් හද විසිකොට
නිමේශයෙන් නිමේශයට
ලංවී සැඩ හිරුට
විඳිමින් වේදනා
දැවි දැවී හළුවෙමි

^සූ

No comments:

Post a Comment

hi