Tuesday, March 12, 2013

ටිකෙන් ටික දැවි දැවී හළුවේ

ටිකෙන් ටික දැවි දැවී හළුවේ
බි‍ඳෙන් බිඳ ජීවිතේ
සුසුම්පොද ‍රැඳි සුළං ‍රැලි
එක්වේ ගුවන්තල
අඩ අඳුරු ජීවිතයේ

සිහින ‍තෝරා එකිනෙක ගෙන
තනපු ජීවිතයේ
ඔබයි සොඳුරිය මා ඉරුව දුම් රොද
දවා හළුකළ
වසන්න්තය ‍රැඳි
සොඳුරු දිවිය මගේ


පෙනී ක්ෂණයෙන්
නොපෙනි ගිය නුඹ
විදුලියක් වාගේ
නිලංකාරය මගේ දෑසම
දකිනු කෙළෙසද යලිත් ලොවදෙස
පෙර පුරුදු විලසින්
නිමේශයකින් ලොවම එළිකොට
සොඳුරු බව පෙන්වා
නිවීගිය හැටි සදාකල්හිම
විදුලියක් වාගේ

^සූ

No comments:

Post a Comment

hi