Tuesday, March 19, 2013

"මහලු පෙම"

නුඹෙ රුව දැක්කම මගෙ සිත ගැස්සෙන
හැටි නුඹ දන්නෑ මියුලැසියේ
ඇහි බැමි ඉස්සෙන පැද්දෙන තාලෙට
නිතඹ සැලෙයි වැද කෙහෙ වැටියේ

හංස ලතාවට බඳ නැළවෙනවිට
සිත හැඟුමන් පිබිදෙයි
නෙලුම් විලේ පිපි දහසක් මල්වල
සුවඳ නුඹට සමවෙයි

ඉරබ‍ටු තරුවක් වාගේ සැමදා
මා සිත් කොණ නුඹ ලැගුම් ගනී
හීන් හිරි පොදක් වාගේ ඇවිදින්
සිහිලට ගත සිත වෙලා ගනී

තිබුණත් මහමෙරවන් සෙනෙහස නුඹ
වෙත පවසනු නොහැකී
කාලය වෙන්කර ඇත නුඹ හා මා
මට ළංවනු නොහැකී

^සූ

No comments:

Post a Comment

hi