Saturday, March 2, 2013

ඔබ නැතිව ....



නෙක කුසුම් නොපිපේවි
විහඟ ගී නෑසේවි
රෑ සඳත් නොනැගේවි
හිරුත් සැඟවීයාවි

තරු පොකුරු වියැකේවි
ගගනතද කළුවේවි
වලා විසිරීයාවි
සිහිල් වැසි නොලැබේවි

මදනලත් නැතිවේවි
ගලන ගං වියැලේවි
සයුර ‍රැලි නොනගාවි
ගසුත් ඵල නොම දේවි

මතක සිත පාරාවි
සිහිනයෙත් ඔබ ඒවි
සෝ සුසුම් දලුලාවි
ලොව අපායක් වේවි

නෙතු කඳුළු වැගිරේවි
හදවතද නවිතීවි
ඔබ යලිත් නොම ඒවි
සුසුම පිටවී යාවි

^සූ

No comments:

Post a Comment

hi