Tuesday, March 12, 2013

ශුන්‍යවූ මිනිසා.


අනියත බවට පෙම් බැඳ
අස්ථිර ලොවට ලොබ කළ
නැසුණු තැන සියල්ල
ශුන්‍යවූ මිනිසා
දෙනෙත් අභිමුව මැවෙන
මිරිඟු පසුපස ඇදුණ
කාෂ්ටක බිමක
අතරමං වූ
ශුන්‍යවූ මිනිසා
මහා බර සුසුමක් පිටකොට
ජීවය අගින්  ගිලිහෙන
නිස්සාර ජීවිතය,

හද හිස්කොට
පිටමංකළ ප්‍රේමය
හද මතම සිරවූ
ශුන්‍යවූ මිනිසා
ප්‍රතිරූප මත
පයගසා සිට
අසම්පූර්ණ දේ තුළ
පරිපූර්ණත්වය සොයන
ශුන්‍යවූ මිනිසා.
තව තවත්
දුර ගමන්කරයි
මං මුලාව....

^සූ

No comments:

Post a Comment

hi