Friday, March 1, 2013

මා හිරුය ඔබ සඳුය

මා හිරුය ඔබ සඳුය
එක විටෙක හමු නොවෙන
මා සරතැසය ඔබ මදනලය
එක තැනෙක නොම ‍රැ‍ඳෙන
මතු මතුත් පතමි
ඔබ කුසුම
මා සුවඳ වන්නට

අවියෝජනීයව බැ‍ඳෙන
බොඳවන සිතුවමක්
නොවනු මැන
දෑස් මත ,
කිසි දිනෙක

^සූ

No comments:

Post a Comment

hi