Friday, March 1, 2013

රෝහලේදී....


බලා සිටියෙමි මග
මතුවන තුරු
හුරු රුවක් දන්නා රුවක්
වාට්‍ටුව දොරකඩින්...
ඇඳන් වට රොක්ව
සුවදුක් විමසනා විට
අනෙක් අයවලුන්ගෙන්
ඉහිලුම් නොදුන් සිත
බරකළා නෙත කඳුළින්
රෝගයේ වේදනාව
පරයමින් රිදුම් දුණි
හදවත......


දන්නා නමුදු
කිසිවෙකුත්
නොපැමිණෙන බැව්
මා වෙනුවෙන්......
නැවත නැවත
කරොසවා බැලීමි
වාට්‍ටුවේ දෝර‍ටුව දෙස
විටින් විට....
දකිනා රිසිව
මා වෙනුවෙන්
උපන් සිනා කටක්....
තනිවීමි අසරණව
ගිලන් යහන මත
එවන් බොහෝ වතාවක්....
තනිකම, පාළුව
තනිකමේ වේදනාවෙන්
ඔද්දල් වූ සිත
අස්වසාලූයෙමි
නෙත් හොවා
කවුළුවෙන් එපිට හිස්
ආකාශය වෙත
තදකොට දකුණතින් මුව
වලකා ගතිමි ඉකිබිඳුම............!!

^සූ

No comments:

Post a Comment

hi