Thursday, January 19, 2012

හිත ගාව ඇත තාම සෙනෙහෙ මල් පීදිලා...............

ගිලුණු ඇස් කඳුළින්ම මහමඟේ තනිවෙලා
‍රැළිගැසුණු ජීවිතය මහලු බව පළකළා
අතපාන හැටි පේනකොට පාරෙ තනි වෙලා
බුදු අම්මෙ මගේ නෙත් පිපිරුවා හද පලා

කලු ගැසුණු සුදු සාරියෙන් සිරුර දවටලා
මහදවල් අව්කට්ටෙ යනවිටදි ගාටලා

මග යනෙන හැමදෙනට මුනිවතින්, හිනැහිලා
අත පෑවෙ නුඹේ කුස නැති නිසා පිරවිලා

නිරාදුක් ඉවසලා දූ පුතුන් දැඩිකළා
එවන් උන් හිනැහුණත් නුඹ දුකින් පුරවලා
කිසිදාක නෑ තවම උන්ට දොස් පවරලා
හිත ගාව ඇත තාම සෙනෙහෙ මල් පීදිලා


^සූ  

No comments:

Post a Comment

hi