Saturday, February 16, 2013

ඉතින් මා කුමක් කරන්නද...?


මා
කුමක් කියන්නද..?
කුමක් කරන්නද..?
ඔබ මා අතැර ගියා...
ඔබ උසස්නෙ
ඔබ දෙවියන් හා සමානයිනෙ
ඔබට උවමනාවිට පැමිණ
ඔබට උවමනා මොහොතෙදි
මා හැර ගියා
ඉතින් මා කුමක් කරන්නද...?


කොපමණ වතාවක්
ඔබ මට ආදරෙයි කියන්නට ඇත්ද
කොපමණ වතාවක්
ඔබ මා සිප ගත්තාද...?
කොපමණ වතාවක්
ඔබමට ආදරේ  කිව්වද
ඔබ ලස්සනයි කියූ
මේ ඇස්දෙක
කෙතරම් රතුවෙන්නැද්ද...?
ඒත් ඔබ දන්නෙ නැහැ
ඔබ මා හැර ගියානෙ.....

මොන මොන විදියට
ඔබ මට ආදරේ කිව්වද..?
ඒ ආදරේ වෙනුවෙන්
මා කෙතරම් කැපකිරීම් කළාද..?
ඒත් ඔබ මා හැර ගියානෙ...
මං කුමක් කියන්නද..?
මා කුමක් කරන්නද..?

ඔබට මා අමතක වුණාට
මට ඔබව තාම මතකයි
දැන් ඔබ සතුටින්ද...?


^සූ

No comments:

Post a Comment

hi