යෙන් කාදල් යෙනකුම් වර්නුම් නිල්ල..!
සුරතින් මකා කුංකුම නළලත පෙරදී
පිච්චපොකුරු විසිකොට වරලස පැළඳී
පා බැඳි මිණි පාසළඹද මග වැරදී
නුඹම නුඹව සඟවාගෙන එන මගදී
ආන්ඩ වඬේ කඩවලෙ මුරුගා සොල්ල
මගෙ පණ මගේ ආලය අම්මා පල්ල
යෙන් කාදල් යෙනකුම් වර්නුම් නිල්ල
මගෙ හිමි රැක දෙන්න මම වෙන්නම් බිල්ල
හදවත නොදුටු මිග දන එසවූ අවිය
දෙපළු කලා එක්වී ගැයු යුග කවිය
දෙවියන් ඉවත බැලුවිට ගත්තා දිවිය
තවත් කුමට වඳිමින් ඉල්ලා සවිය
^සූ
No comments:
Post a Comment
hi