Friday, February 15, 2013

නොකල් පෙම .....................


සඳ මතට වී විසුල තරු කැට
සිත් අහස පුරා
ඉඩදී සුමුදු කුමුදකට
නික්මන් කළා
නේරන්ජනා ගං තෙර

ලිය වැලක පැටලී හංස තුඩ
අකල් ලෙස මිය ඇදුණ ප්‍රේමය
ඉරිතලා පෙම සිඳුණු හදවත
මියැදුණා පෙම් පිරුණු හඳවත

මහෝඝයකට හසුවූ සැළමුතු පෙම
නොකල් වැස්සට පාට ගිලිහුණ
විස බඹර තුඩ ඉසිඹුවක් කළ
දහස් පෙති මළක
මලපුඩුවක දියවුණ
කපුරු මලකට ‍රැව‍ටුණා.

^සූ

No comments:

Post a Comment

hi