Monday, February 4, 2013

මං ආදරේ කළා.!

මම සුවඳ විඳපු කෙහෙ‍රැල්
සිරිය විඳපු අක්බඹරු
ජීවිතය සොයපු ලස්සන ඇස්
සුසුම් සුවඳ විඳපු පුංචි නහය
ආත්මයම පුරව ගත්තු
සුමුදු පුංචි දෙතොල
ආදරෙන් සිපගත්ත කොපුල්

ඇඟ හිරිවට්ටපු සුමුදු ස්පර්ශය
අනාගතේට ඇඟිලි ගැනපු
පුන්චි අත් දෙක
මහා ගොඩක් හීන පුරෝපු
ඔයාගෙ කටහඬ
මන්වෙනුවෙන් ආදරය
පිරිල තිබුණ රත්තරං හදවත
ආදරේ දෝරෙ ගලපු ඔයාගෙ
වචන
.
.
.
ඒ හැමදේටම 
මං ආදරේ කළා
මට දුක
ඒ හැම දේම
ඔයා වෙන කෙනෙකුට
දීපු නිසා නෙවේ
ඔයා
ඒ දේවල් මට
අහිමි කරපු නිසා....

^සූ

No comments:

Post a Comment

hi