Thursday, February 28, 2013

කුංකුම අංජන ......

දිගුදෑසේ කෝල බැල්මෙන් මා
සතපාවී සිහිනයේ රන්දා
නිල්දෑසේ කාන්තියෙන් සිත මා
මත්වෙවී දෑස මධු කැන්දා.

රන් තරු පායන රෑ දුර අහසක
මන මත් කරවන ඔබෙ පියකරු හඬ
රන් ස්වරයක් සේ මගෙ සවනත වැකුණා


කුංකුම අංජන තවරා හිනැහෙන
නාදලු  තොල්පෙති  මල්පෙති පරදන
සුපිපුණු ඔබෙවත දැක මාසිත පිපුණා
හිරිවැ‍ටුණා

මල්පාරේ දෑත පටලාලා ලංවීලා
ආදර මදු වැස්සේ සැනසීලා නෑවීලා
සංසාරේමා පැතු පෙම ලැබුණා
රිද්මය ජීවනගීයට බැඳුණා

කෝල කමින් හද සර තත හඬවන
ආල නුරාවෙන් මාසිත කළඹන
සොඳුරු කිඳුරු රුව මාසිත නළවනවා

නීල වරල රන් සිකිපිල පැද්දෙන
ලෝබ හිතෙන රුව පබවත පරදන
දෝර ගලන ආදර සිත සැනසෙනවා
පිබිදෙනවා

දිගුදෑසෙ කෝල බැල්මෙන් මා
සතපාවී ස්වප්නයෙ රන්දා
නිල්දෑසේ කාන්තියෙන් සිත මා
මත්වෙවී දෑස මධු කැන්දා.


^සූ

No comments:

Post a Comment

hi