Thursday, February 21, 2013

අඬහැරය _


මගෙ බුදු අප්පච්චියා.............. බුදුන් දැක නිවන් දැකපා............න්
මගෙ බුදු අප්පච්චියා...............

පුරන් කුඹුරු...... නොබලා දිව..... රෑ හෑවෝ......
දිය බැඳි කුඹුරු........ එරි එරි මඩ නුඹ හෑවෝ....... ඕ.......
බඩ සාගිනි ඉවසා දිග...........ටම හෑවෝ.........
නගුල පිටට...... නුඹ හයියට...... බිම හෑවෝ........ඕ........

ඉර මැදියම..... අව්කට්ටේ..... පිට දැවිලා........
දිය නැතුවට........ දිව ගිලිලා....... වද විඳලා.......ඕ.....
මුළු දවසෙම........ අඳ කුඹුරේ..... වැඩ කරලා ......
අප්පච්චියා ඇඟ දනවද...... ......අව් වැදිලා........ ඕ......

ගොයම් කපා..... කොළයට..... ගොඩ ගා ගත්තේ.......
කොළ මැඩලා...... බැත පාගා..... ගෙට ගත්තේ............ඕ....
රෑතුන් යමේ...... කොළ පාගා.... දුක් ගත්තේ.....
අපෙ දුක තමයි...... උඹ කරපිට............. අරගත්තේ.....ඕ

කිරි දරුවන් ‍රැකි, මගෙ බැත..... සරු කෙරුවෝ......
දෑතට හයිය..... දී හැම බර.................... කරදැරුවෝ.....ඕ
නුඹ ළඟ ඉන්ට...... මං මේ භව..... පිංකෙරුවෝ......
මතු බුදු වෙයන්....... මගෙ අම්බරු...... කිරිදරුවෝ.........ඕ

^සූ

No comments:

Post a Comment

hi