Thursday, July 12, 2012

වන කොමලිය සුරපුරයක සිරි පෑවේ.............



පුන් සඳ ඉසින විට සඳ‍රැස් සොබා ‍රැයේ
අමරස කිඳුරු ගී නද සතපවා ළයේ
නැළවෙන කිරල විහඟුන් වී ප්‍රමෝදයේ
ගඟ දිය ගලයි නඟමින් ‍රැළි ප්‍රසාදයේ

කිරි දිය ගලන විට අහසින් මන නන්දා
නිල් තණ පලස ගත පිනි සිහිලස රන්දා
මදනළ ඇදෙන විට මල් මුවරද කැන්දා
ගහකොළ නැළවි නැළවී ඒ සුව වින්දා

රෑ නිල් අහස තරු කැට ගහනව පැවතී
මනහර වලා පෙළ හෙමිහිට අත් බඳිතී
සිය හිමි එනතුරා සිටි  බලමින් නැවතී
මව්මුව දෙන වටා දරුවන් පැන නටතී

මී අඹ ගසට එන මා වවුලන් රෑන
සිඳ බිඳ දමයි සැතපෙන විහඟුන් හීන
කළුවර අතර හැංගී හ්ම් හ්ම් ගාන
විටෙකදි පෙනෙයි බකමූණන්ගේ මූණ

ඈතින් ඇසේ මත් මීදෙනකගෙ රාවේ
රුක් හිමියනට ලියපිය රහසකි කීවේ
ගඟ දිය මතින් ගිලි පරමල් පෙති පාවේ
වන කොමලිය සුරපුරයක සිරි පෑවේ
^සූ 

1 comment:

hi