Thursday, July 26, 2012

ඔය උරමඬලේ හිසතියාන ..................

 ඔය උරමඬලේ  හිසතියාන
හඬන්න ඇත්නම්
නෙත්  පෙති රතුවෙන කඳුළු බිංදු
හැලෙයි සත්තකින්
එක මොහොතක් මගෙ දුක අහගෙන හිඳින්න හැකිනම්
සුහදාණෙනි, මා ළඟ ඔබ ඉන්න රත්තරන්



නිල් අහස පුරා විසිරුණු තරු වැල් දෙස බලලා
ඔය තරුනෙත්  යුග සිහිකර  කර ඉන්නම් කියලා
තැනු පෙම් මාලිග සිඳ බිඳ බිම වැටෙන්න දීලා
ඔබ ඉවත යන්න එපා අනේ මට පි‍ටුපාලා

ඔය උරමඬලේ.....

රෑ හීන පුරා සැරිසැරුවේ ඔබයි රත්තරන්
මල් පොකුරු සීත තුරුමත දඟ කෙරුවෙ ආදරෙන්
මා ඉන්නම් ඔබ කවදාහෝ මවෙත ඒවිනම්
මේ මටත් වඩා ඇගෙ ආදරෙ ඔබට ඕනෙනම්
හද දුක සිරකර ඔබ වෙත සුබ පතමි ආදරෙන්....

ඔය උරමඬලේ.....

^සූ 

No comments:

Post a Comment

hi