Friday, July 13, 2012

පර චිත්තය විජානනය............



එකොමත් එක ඈත කලෙක
හීන් කෙන්ද ගම් පියසක
උගත් බවක් පෙන්නං හිටි
ගැමියෙක් උන්නා

ගමේම මහ මුලාදෑනි
කොයි කාටත් උපදෙස් දුනි
ඕන තැනක මුල්තැන ඔහු
මුලින්ම උන්නා

පන්සල පාසල කොහෙදිත්
මුලසුන දේශන ඔහුටයි
මහදැන මුත්තා වාගේ
පෙන්වන් උන්නා


එහා ගමේ මහ ඉහළින්
කරන්නයන පින්කමේදි
මුලසුන දෙසුමක් කරන්න
ඇරයුම් ලැබුණා

හා එහෙනම් මා එන්නම්
මොකක් ගැනද කතාව දැන්
කරන්න ඕනා කියලා
කතාව ඇදුණා

මුලාදෑනි උන්නාන්සෙ
පරචිත්තය විජානනය
කතා කරන්නට ඕනෑ
පිළිතුරු ලැබුණා

බොලේ හැබෑටම මේගැන
අබමල් රේණුවක දෙයක්
නොදන්න බව නොහඟවාම
නිහඬව උන්නා.

උඩහ කන්දෙ මහ විහාරෙ
නායක හාමුදුරුවන්ව
හම්බවෙලා දැනගන්නට
ඔහු පිටත් වුණා

පයින්ම ආහින්ද දුරක්
දාවල මහ  ගිරීස්මයෙම
වෙල ළඟ පොඩි ලිඳට බැහැල
නාන්නට වුණා

හෙමින් හෙමින් නාන අතර
නාහිමි ගමනක් වඩින්න
විහාරයෙන් එලියට විත්
පහළ වඩින්නා

හප්පොච්චියෙ ජන්ජාලේ
හාමුදුරුවො මගෑරුණොත්
ආකාරණෙ පලකුත් නෑ
ඔහුට වැටහුණා

ඇඳුම් අඳින්නට කල්නෑ
නා හිමියන් පහුනොවෙන්න
පෙරමුටම ගොස් විගහින්
වඳින්ට ඕනා

වටපිට බැලුකොට තියෙනව
බේසම අරගෙන විගහට
විලිවහගෙන මේ උන්දා
පෙරට දුවන්නා

අවසර අපෙ හාමුදුරුවනෙ
වැදගත් කරුණකට ආවෙ
පරචිත්තය විජානනය
කුමක් කියන්නා

මුවගට නැගි හිනාවකුත්
එක්කම ප්‍රශ්නෙට පිළිතුර
බොහොම හෙමින් හරි සරළව
පහදල දුන්නා

පරචිත්තය විජානනය
අන් සිත් දක්නා නුවණයි
මටත් තියෙනවා මෙනුවණ
හිමි පවසන්නා

බොහොම අගේ බොහොම අගේ
අපෙ නා හිමි ගැනත් ඉතින්
කතාවෙ පවසන්න ඇහැකි
ඔහුට හිතෙන්නා

අනේ ඉතින් මට අවසර
මගේ හිතේ තියෙන කරුණ
අපෙ හිමියන් දන්නවදැයි
පැනයක් නැගුණා

මුලාදෑනි මහත්තයා
හිතනින්නෙ ඔය බේසමෙ
අඩිය තියනවා කියලයි
පිළිතුරු ලැබුණා

කිව්ව සැනින් බැලුකොට දැන්
බේසමෙ අඩියක් නෑනොවැ
මුලාදෑනි මහත්තයට
තරු විසික් වුණා....


No comments:

Post a Comment

hi