Monday, July 23, 2012

සඳ සිත්තම් කර අහසේ......

සඳ සිත්තම් කර අහසේ
වලාකුලක් මත හිඳුවා
තරු පොකුරක ගී ලීවා
ඔබේ පෙමින්
මද සුළඟේ තනුව සොයා
ඒ ගී පෙළකට අමුණා
වියෝ ගී සෙමින් ගැයුවා ඔබේ නමින්.


හද ළඟින් ‍රැඳි සිහින සිත්තම
කොහේ කොතැනක යලි දකින්නද
දෙනත් මත ‍රැඳි සිනා කැටයම
මා දෙනත් බොඳ කළා නොදැනිම..
ගිනි සිළකි හද දවා හළුකළ
ඔබේ සුන්දර මතක සැමරුම

සඳ සිත්තම් කර අහසේ......

ලොවක් එලි කළ පෙමක් බිහිකර
නොයෙන ලෙස සැඟවී ගියා
රොස කම්මුල් මිලින වී අද
නීල දෙනුවන් පියවිලා
ඔබත් නොමැතිව කඳුළු කුමකට
ඔබේ සුන්දර මතක අතරේ
මමත් යන්නෙමි සැඟවිලා

සඳ සිත්තම් කර අහසේ......

^සූ 

No comments:

Post a Comment

hi