Tuesday, July 31, 2012

උපාසකම්මා...



යන එන සැමතැන බෝම
කන කර හැඩට ඇඳීම
දන්න නොදන්නා සෑම
වෙයි මිතුරන්...

පොහොයට සිල්ද ‍රැකීම
බුදු දෙව් පුදද පිදීම
හයියෙන් බණපොත් කීම
ඇයට ප්‍රියයි…

උතුරු සළුව අතකින්ද
බණපොත තව අත කින්ද
ගමවට ඇති කුණු කන්ද
පිරිත් කරයි…

සිල්වත් බව පෙන්වීම
පොහොයට දන් පුද දීම
කරනා බව පෙන්වීම
ඇගෙ ගතියයි...

සීලවතී නාමෙන්ද
ගුණ නැති වැඩ කෙරුමෙන්ද
ඕප දූප කීමෙන්ද
ගම අවුලයි…

අතන මෙතන් කේලම්ද
කියමින් වැදි බණ කන්ද
කෙල්ලන් හට පද බැන්ද
ප’තිනි ඇයයි…

රටටම ගිනිගෙඩි දීම
බොරුවෙන් වට පැටලීම
නොන්චි අක්ක වාගේම
සොකරිත් ඇයයි...

කාටත් මෙත් සිත පෑම
යන්නට හැර හිනැහීම
කරකර ඈ හැමදාම
නිවන් පතයි…
^සූ 

No comments:

Post a Comment

hi