Saturday, June 30, 2012

~මල් සහ කළු දෙබරු~

 කැකුළු මලක මල් මුවරද උගුල්ලා
පෙති පොඩිකර තූ තූ කොට සියල්ලා
දෑස වසා කට තදකර ගනිල්ලා
සෝක වෙවී අහසට දෙස් තියලා

නාථ සමන් පත්තිනි දෙවි වරෙල්ලා
දෑස ඇරන් වන මේ රඟ බලල්ලා
සාධු ගතිය ලොවටම පේ කරල්ලා
දෙන පුදගෙන බකන්නිලා ඉඳිල්ලා


වට යන රට මේ බලු ‍රැළ සොයල්ලා
එක එක ගෙන නැටිසිඳ අත් හරිල්ලා
වනසන මල් කළු දෙබරුන් ගෙනැල්ලා
ත‍ටු සිඳ ඇට පොඩි කොට උල තියල්ලා

දු‍ටු සඳ පොඩි මුව කඳුළු නැගෙන්නේ
හපකළ වසවතු කොහිද සිටින්නේ
සිහිවනවිට බඩ පපුවයි දන්නේ
අඳ දෙවිවරු කුමටද පුද දෙන්නේ

යකුනට ගිය රට නා වස්සන්නේ
තෙද සිහ පෝතක සිවලුන් වැන්නේ
හෙට රට වන
න උරුලෑවුන්නේ
ඉහමොළ  කාලත් නෑ හරියන්නේ


^සූ 

No comments:

Post a Comment

hi