Monday, June 11, 2012

............... කුවේණි...............



ඔද තෙද වැඩි ගත රන්වන් පෑයට රන් හිරු සේ දිළුණා
මහ පිරි වර මැද ඉඳු කිල සේ යස පුන්සඳ මන නඳනා
මුතු කැට සේ ‍රැස විහිදූ නෙත්තරු දු‍ටු මා සිත පිරුණා
දු‍ටු ක්ෂණයේ සිට තෙදවත් ආරිය විජය කුමරු සොබනා


සුනෙර පවර සේ දිලෙන බාහු යුග රනින් ඔපය කෙරුණා
කණක කටක මිනි පේ‍රැස් මුදු  නෙක අභරණ ගත ‍රැඳුණා
දුහුල් එ'පට සළු මිරිවැඩි සඟලේ ඔපය හැඩය දිළුණා
කැටි පුළුනේ සුව සුමුදු සොඳුරු ගුණ ඔබේ ළඟයි සිතුණා


තෙද හෙළ රාවණ සිරි පරපුර හැර ඔහු වෙත සිත ඇදුණා
ඔද වැඩි පෙනුමට නෙතද වශී විය නෙත අඳවිය නොදැනා
සිව් හෙළ බල පැරකුම් පෑ තෙද බල මා මතුරා බිඳුණා
සිත් ගත් විජයට හෙළ දීපයෙ රන් ඔ‍ටුණු කිරුළු පිදුණා

සත්සියයක් සිය මායා බල පෙම විජය කෙරෙහි නඳනා
රජවිය ඔහු හෙළ සිහසුන හිමිකොට  මෙහෙසිය මා වෙමිණා
කලක් ඇවෑමෙන් ජීවහත්ත සහ දිසාල දූ රුවිනා
දිළුණ මෙපුර රන් විමනක් විලසට සිත පේ විය  තුටිනා

රවුළු පරපුරක  බලමහිමය හිඟ වීය සිහෙළ දෙරණා
ආරිය පරපුර දසාත පැතිරිණ විහිදා තම කිරණා
අරි නිරිඳුන් හට කච්චායන දඹ කුමරිය වැඩමෙවුණා
පෑ පෙම බොඳවිය  දරුවන් සහ මට රජ දොරගුලු වැහුණා

රුවට මුළාවූ පෙමට ගලාගිය කඳුලැළි දිය පිරුණා
පරපුර නැතිවිය හෙළය අහිමිවිය හිමි වෙනතක හැරුණා
දරු අසරණවිය මංද මුලාවිය ළසොවින් ළය පැළුණා
පිදුපෙම සිහිවිය සාපකරන්නර ඔබහට දුක සිතුණා

^සූ 

No comments:

Post a Comment

hi