Monday, May 7, 2012

මිතුරන් හා මම් නිවන් දකින්නම්

වත්තට යන්නම්
මලක් ගෙනෙන්නම්
හැඩට ඔතන්නම්
හෙමින් ගහන්නම්

චොකලට් කන්නම්
ප්ලේන්ටි බොන්නම්
සිගරට් බොන්නම්
අහසට යන්නම්



ගුලිත් ගෙනෙන්නම්
පැණිත් ගෙනෙන්නම්
රසකර කන්නම්
කමින්ම බොන්නම්

අවට සුගන්ධෙන්
සිත සනසන්නම්
ලණු ඇඳමත මම්
සැතපී ඉන්නම්

දෙනෙත් වහන් මම්
සුවසේ ඉන්නම්
අමා සුවෙන් මම්
දැහැන් වඩන්නම්

පෙරුම් පුරන්නම්
සිහින දකින්නම්
මිතුරන් හා මම්
නිවන් දකින්නම්

^සූ

No comments:

Post a Comment

hi