Saturday, May 12, 2012

කැමතිද ?

.
මම ඩෙක්ස් දාන්නෙ නෑ,
බටකලිසම ඇන්ඳම අවුල් වගේ
කොණ්ඩෙ ජෙල් කරන්නෙ නෑ
ස්පයික් කරල නෑ
ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් ගොඩාක් දාන්න
මොකක්ද වගේ
රතු කලිසමට
කහ ශර්ට් එකට අඳින්න හරිනෑ වගේ
කන විදින්න බයයි,

දැන් සින්දුනම් මට දිරවන්නෙ නෑ
පච්චයක් කොටන්න ආසයි
ඒත් මොකක්ද වගේ
හැම තිස්සෙම
හෑන්ඩ්ස් ‍ෆ්‍රී එක ගහගෙන ඉන්න
අමාරුයි.
රොක් විහියට නටන්න දන්නෙ නෑ
කේ එෆ් සී , මැක් ඩොනල්ඩ්ස් යන්න
සල්ලිනම් නෑ...
තරුවක් වෙන්න
ආසාවක් නම් නෑ...
මම ඔයාට  කැමතී
ඔයා
.
.
.
මට
.
.
.
කැමතිද ???????????.

^සූ

No comments:

Post a Comment

hi