Friday, January 27, 2012

මගෙ වරද....?????




අදත් එදා වගේම මං
හන්තානේ හීතලේට
තුරුලු කරන්
ඔබෙ මතකය
බඩගාන ගස් ගාව
තවම මග බලන් ඉන්නව

පුදුම හතෙන් එකක් වෙච්චි
අක්බාර් පාළම ළඟ
හැමදාම හවසට මම
තවමත් මග බලන් ඉන්නව.....

..."

පෙණ බුබුළක්ද 
ඔබ පිදූ පෙම.. 
මොහොතක්
මා සනසා
බිඳී ගිය.... 
දුකම පමණක් 
ඉතිරි කළ......

^සූ 

පබාවතී..


ජම්පතිගෙ මුහුණෙ ඇති 
ලස්සන
නැතූව ඇති හදවතෙහි..
කුසගෙ
හද ලස්සනයි 
අවලස්සන වුවද මුව..... 

නොඵල පෙම...

හද ගලකි
පෙම මලකි 
ගල් මත 
මල් නොපිපෙති

^සූ 

මැණිකෙ, ................



බලන් ඉන්නෙ 
නුඹ එනතුරු
දෑස රිදෙනතුරු
දෙපා රිදෙන තුරු 
හිටගෙන
මග බලාගෙන... 
ඔරලෝසුවෙ 
ක‍ටු ගැන ගැන. 
නුඹත් එක්ක 
ගමේ යන්න 
ඒත්   නුඹ 
තාම නෑ...... 

අනේ මන්ද මේ ලංකාවෙ කෝච්චිනම්...

^සූ 

------""


ඔබ මලකි
ගල් මලකි
හැඩ ඇති
සුවඳ නැති....

^සූ  

Wednesday, January 25, 2012

ඔබයි පතිනිය ඔබයි ප්‍රේමිය මා ලොවේ අග දෙවැනි මවුනී



දුකද සැපතද එකට විඳගෙන එක්ව ඉන්නට පෙරුම්පුරනා
බැණුම් එරවුම් සිතින් ඉවසා මුවින් නොබැණම ප්‍රේම කරනා
අනාගත ලොව ගොඩනගන්නට ‍රැයද දහවල සිහින දකිනා
ඔබයි ප්‍රේමිය ඔබයි දීපය අඳුරු මග මා, එළිය කරනා

වැටි වැටී දුරු කතර මා මඟ වින්ද අවමන් පසෙක දාලා
ලැබිය හැකි දුක් වේදනාවන් දැනම, ඒබව ඉවත ලාලා
මගේ ලොව ඔබ මගේ හිමි ඔබ සපථ කර සිත දිරිය දීලා
පෙරට ආ ඔබ ‍රැගෙන මා අත, කෙලෙස යන්නද ඉවත දාලා

Sunday, January 22, 2012

ආයාචනය...


පිපෙන්නට ආසන්නව තිබූ
කුසුම
න‍ටුවෙන් කඩා
බිම හෙළූ සැඩ සුළඟ
මා ඔබට
දොස් නොකියමි
ඒත්,

"ආදරය"


චණඩ මාරුත දෙකක
හැපී
රුවල් බිඳගෙන
සුනුවිසුණු වූ මා....
එහෙත්,
රළ....

Friday, January 20, 2012

“ඇයයි විරාජිණිය……..”




දු‍ටුවාට වඩා
උසයි ඔබ
මහ උසයි
වේදිකාව මත..
සිහිවිය,
ඇන්ටිගනී තුළ,
මහා උස හැහැනිය
ප්‍රතාපවත් ගැහැනිය
ඇගේ ප්‍රතිභාව..
ඇයයි විරාජිණිය

Thursday, January 19, 2012

"මගේ සඳ ඔබ.."

කලා සොළසම පිරූ පුන්සඳ
නෙළාගෙන කිරි දියර මුසුකොට
තනා නිමකළ කමල ඔබෙ මුව
සඳට උවමන් කරන සඳ' සඳ
විලිවැදී සැඟවෙයි වළාතර

නිලා සිකිපිල සේම වරලස
සළා වතුකළ ඔබේ නිතඹට
විදා නා දලු දෙතොල් මදහස
හංස ගමනක යනෙන හැඩකර

???

ගැහැණියක්
පිරිමියෙක්
මොනරෙක්
සහ
කොපුවක්....
^සූ 

"මැණිකට ඇහෙන්නට"



ගහට වැල සේම නුඹ ළඟ උන්නාට
සඳට තරු සේම තනියට රැඳුණාට
සඳුන් කඳ සේම පැහැයට දිළුණාට
කළදේ සොඳයි නුඹ හට බහ දුන්නාට

වෙල් එලියේ දුව පැන්නේ අපි එකට
වන බැද්දේ පෙම් කෙළියේ අපි යසට
මුව මීවිත රස බැලුවේ නුඹෙ බහට
අහිතක් සිතේ තිබුණද රන් කඳ මහට

"ආදර ළඳුනි ඔබ මට ගී රජ දහනයි"

කෙළි ලොල් සිතින් මා ගැයු රස පෙම් ගීය
නොහැකිය ගයන්නට මා මුව ගොළුවීය
තුන් සිත පුරා විනිවිඳි මල් සර හීය
ගිනි ගෙන දවයි මගෙ සිත, ඔබ ගැන සීය

මල් සර හීය සිත විනිවිඳ දවා ගියේ
ඔබ ගැන සිතේ මාහට නම් දිවා ‍රැයේ
මෙතරම් දුක් දෙන්නෙ දුක් ගිනි දවා ළයේ
මල් රොනකුදු මා ගැන සිත නැතිද ප්‍රියේ

වියෝව.....

පෙම් සිත මැළවෙලා
කවි සිත ගොළු වෙලා
හද වෙණ තත සලා
ඈ දුර ගොස් පලා
^සූ 

අම්මේ.........

මා කුසට ආදිනේ සිට ඔබගෙ අම්මේ
නොයෙක් දුක් කම් කටොලු වින්ද ඔබ අම්මේ

සල්ලාල ජඩෙකුගේ බසට නුඹ අම්මේ
ප්‍රේමයේ නාමයෙන් දිවි දුන්න අම්මේ

සොරාගෙන නුඹෙ දිවියෙ වටින කම අම්මේ
සැඟවිලා ඔහු ගියත් ඔබ ඇතර අම්මේ

මහමග ඈ....

හිනා පිපි
කටක් අති
ලඳක් වෙති
සෙනේ සිති
^සූ 

......


සිත සිත හිඳිත සැම සත වෙත බඳිත හිත
කර කර වෙහෙර කර දෙන්නට තමයි හිත
ඇර හැර නතර කැර වැඩෙනා මෝහ සිත
දුරු කර සසර නිමකර දු‍රැ කෙලෙස් සිත
^සූ 

පැතුම්....

කතා නොකර කතා කෙරුව
ඔබේ නෙතට වසං වෙලා
බලන් හිටිය බොහෝ කලක්
ඔබ එන මග සිනා සලා

මාල පොටක් පළඳන්නට
ඔබේ කරට රනින් දුළා

????????

තෙතමනයක් නොමැති සිතක
මිනිසුන් බලු වුණ පෙදෙසක
නීතිය වල් වැදුණු රටක
දෙවියන්වත් නොයෙන බිමෙක
මා තු‍ටු වන්නේ කෙලෙසක

^සූ