Monday, July 16, 2012

දේදුන්න වාගේ

දේදුන්න වාගේ පායන්න ඕනේ
ආදරෙන් යාවෙලා
ඒපාට වාගේ හිනැහෙන්න ඕනේ
මා හා තුටින් ළංවෙලා
නෑ කඳුළු දෑසේ මල් පොකුරු වාගේ
මල් මන්ද හාසේ සලා.....

Friday, July 13, 2012

පර චිත්තය විජානනය............



එකොමත් එක ඈත කලෙක
හීන් කෙන්ද ගම් පියසක
උගත් බවක් පෙන්නං හිටි
ගැමියෙක් උන්නා

ගමේම මහ මුලාදෑනි
කොයි කාටත් උපදෙස් දුනි
ඕන තැනක මුල්තැන ඔහු
මුලින්ම උන්නා

පන්සල පාසල කොහෙදිත්
මුලසුන දේශන ඔහුටයි
මහදැන මුත්තා වාගේ
පෙන්වන් උන්නා

Thursday, July 12, 2012

වන කොමලිය සුරපුරයක සිරි පෑවේ.............



පුන් සඳ ඉසින විට සඳ‍රැස් සොබා ‍රැයේ
අමරස කිඳුරු ගී නද සතපවා ළයේ
නැළවෙන කිරල විහඟුන් වී ප්‍රමෝදයේ
ගඟ දිය ගලයි නඟමින් ‍රැළි ප්‍රසාදයේ

කිරි දිය ගලන විට අහසින් මන නන්දා
නිල් තණ පලස ගත පිනි සිහිලස රන්දා
මදනළ ඇදෙන විට මල් මුවරද කැන්දා
ගහකොළ නැළවි නැළවී ඒ සුව වින්දා

Saturday, June 30, 2012

~මල් සහ කළු දෙබරු~

 කැකුළු මලක මල් මුවරද උගුල්ලා
පෙති පොඩිකර තූ තූ කොට සියල්ලා
දෑස වසා කට තදකර ගනිල්ලා
සෝක වෙවී අහසට දෙස් තියලා

නාථ සමන් පත්තිනි දෙවි වරෙල්ලා
දෑස ඇරන් වන මේ රඟ බලල්ලා
සාධු ගතිය ලොවටම පේ කරල්ලා
දෙන පුදගෙන බකන්නිලා ඉඳිල්ලා

Monday, June 11, 2012

............... කුවේණි...............



ඔද තෙද වැඩි ගත රන්වන් පෑයට රන් හිරු සේ දිළුණා
මහ පිරි වර මැද ඉඳු කිල සේ යස පුන්සඳ මන නඳනා
මුතු කැට සේ ‍රැස විහිදූ නෙත්තරු දු‍ටු මා සිත පිරුණා
දු‍ටු ක්ෂණයේ සිට තෙදවත් ආරිය විජය කුමරු සොබනා


සුනෙර පවර සේ දිලෙන බාහු යුග රනින් ඔපය කෙරුණා
කණක කටක මිනි පේ‍රැස් මුදු  නෙක අභරණ ගත ‍රැඳුණා
දුහුල් එ'පට සළු මිරිවැඩි සඟලේ ඔපය හැඩය දිළුණා
කැටි පුළුනේ සුව සුමුදු සොඳුරු ගුණ ඔබේ ළඟයි සිතුණා

Friday, May 18, 2012

නෑනෝ නෑනෝ..............

.

ජෙල් ගාලා හිස පීරන් නෑනෝ
කොස්මෙටිකුත් ඇ තවරන් නෑනෝ
කියුටෙක්ස් ගා නිය සරසන් නෑනෝ
ලිප්ස්ටික් තොල මත උලපන් නෑනෝ

ඇඟට හිරට තද ඩෙනිමක් ඇඳලා
බුරිය පේන්නට හැට්ටය ඇඳලා
අඟල් දෙකේ හයි හීල්සුත්දමලා
කොරවක්කෙක් වගේ යමු උඩ පැනලා

Saturday, May 12, 2012

විශ්වාසයි......

.
මට හොදටම
විශ්වාසයි
මටත්
සල්ලි තිබුණනම්
අපි දෙන්නගෙ කේන්දරේ
ඔයතරම්ම
දොස්
පේන එකක් නෑ

කැමතිද ?

.
මම ඩෙක්ස් දාන්නෙ නෑ,
බටකලිසම ඇන්ඳම අවුල් වගේ
කොණ්ඩෙ ජෙල් කරන්නෙ නෑ
ස්පයික් කරල නෑ
ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් ගොඩාක් දාන්න
මොකක්ද වගේ
රතු කලිසමට
කහ ශර්ට් එකට අඳින්න හරිනෑ වගේ
කන විදින්න බයයි,

බාප්පා දෙකයි.

.
අද මාර සතු‍ටුයි
ඉස්සර මම

මාමා ..දෙකයි
බාප්පා.... එකයි
දැන්
.
.

තෙවැනි පුරුක...

.
පුරා උතුරා ගලන සඳ පිරි සෙනේහය හද සතුට සමඟින්
පියා විඳි අම රසය වෑහෙන විටදි මාගේ සොයුරු දෑසින්
තවත් කැකුළක් ගෙට වඩම්මා වඩා සතපනු සිතී දෝතින්
හදත් හිරවී දෙනෙත් බොඳ වුණි කඳුළු කැට පිස දැමී රාසින්

දුක......

.
කොමෙන්ට් වලට
ආදරේ කරපු මට
අඩුගානෙ ලයික් එකක්වත්
නැති හැටි...
රික්වෙස්ට් නැති වුණාට
කමක් නෑ
අඩුගානෙ

Monday, May 7, 2012

පෙමට කෙමක්.....

.
පෙමක්
ලැබුමට
කෙමක්
දනිමි මං
අවැසියෙක් ඇත්නම්
අමතන්න.......
ගාස්තුව අවංක හදවතක්

^සූ

පෙමක සුවඳ දැනිලා

පෙමක සුවඳ දැනිලා
නෑඹුල් හැඟුමක්
සිතතුල පිබිදෙනවා
කැළෑ මලක නව
සුවඳ විඳින්නට
නව යෞවන හද
හැඟුමන් පිබිදෙනවා....

...බමරු නාපු මල...

නැවුම් මලක් ඇත
බමරු ඇවිත් නැත
රොන් වියැලී තෙත
සිඳී, ගිලී නෙත

පෑය ගිලී ගත
නා විළවුන් වත

මතට තිත

.
කො‍ටු දදා කවි ලියමි.
මින්පසු...
මතට තිත පනත
කවියටත් අදාලයිලු....
මධ්‍යසාර දුම්වැටි
කවිතුළ දැකීමෙන්
ඔබද

මිතුරන් හා මම් නිවන් දකින්නම්

වත්තට යන්නම්
මලක් ගෙනෙන්නම්
හැඩට ඔතන්නම්
හෙමින් ගහන්නම්

චොකලට් කන්නම්
ප්ලේන්ටි බොන්නම්
සිගරට් බොන්නම්
අහසට යන්නම්

Friday, January 27, 2012

ශ්‍රද්ධාව..!


දළදා කරඬුව
පිටමත තියාන
ගියත්
ශ්‍රද්ධාව පිහි‍ටුවන්න
සිත එකඟ කරගන්නෙ කොහොම
දම්වැලට කැපුණු
කකුල්වල
වේදනාව එක්ක.......

^සූ 

???

මධු විතයි
දුම් රොදයි 

තනිකමයි
මට හිතයි
මා සතුයි.

^සූ 

නූතන දුයිෂෙන් කෙනෙක්..

දුයිෂෙන් හදිකළ
අල්තීනායි
තැවෙයි අයිලය
මත......
ගල් පහර
රතු මූණාගෙන්

,<@>

මගේ සඳ,
මිය ගිය,
මූසල රාත්‍රිය
අරක්ගත්,
පාළුව.
හද දොර කඩා,
පිවිස මා තුළට.
සිතුම් හැඟුම්
මිලිනකර.