පහළ දම් දිවයිනකි
බණ දම් නිතර ඇසෙති..
යාතිකා සත්කම් නිතර කෙරෙති...
දැහැමින් සෙමින් වසන්නට
පොරොන්දුත් එමට දෙති...
මර විලාපත් ඇසෙති
රතු ලේ පැල්ලම්
දස අත දිසෙති....
හඬති
දොඩති
හිනැහෙති..
සමහරු එති
සමහරු යති
ගියවුන් බොහෝ වෙති
නෑවිත් ඉඳිති....
මුදලට විකිණෙති
රටසේම
මිනිසුන් එහි ඇති.....
" දේවෝ වස්සතු කාලේන, සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච, රාජා භවතු දම්මිකෝ............... "
වළාකුළු අතර හිඳ දකිමි......
^සූ