Tuesday, June 13, 2017

ගුත්තිලට තිබුණේ මගාරින්න !


ගුත්තිලට තිබුණේ
වැඩේ අල්ලා දාන්න
මූසිළත් වැඩ්ඩානේ 
ආයේ වැඩි පඩි දුන්නට
ගුත්තිලට පාඩුද ?
ඉහනිකට පැහිලත්
තේරුම්ගන්න බැරිවුණා
පුහුදුන් මනුෂ්‍ය ගතිය
වයසත් එක්ක කොහොමත්
මුසිල එක්ක වාදනය බැරිබව
තේරුම් ගන්න තිබ්බා
ගුත්තිලට
දෙවියන්ගෙන් උදව් අරගෙන
වංචා කරපු එක
වැරැදියි
බෝධිසත්වයෙක් වෙලත්
මං හිතන්නේ
වරද ගුත්තිලගේ නෙවෙයි
ඕක ලියන්න ඇත්තේත්
මූසිළ වගේම
පෘතග්ජනයෙක්නේ
බෝසත් හිත් කොහෙන්ද
උන්දැලට
ඉරිසියා හිතෙන්න ඇති
මූසිළ ගැන
^සූ

එතෙර ගිය හිමියන්ට...


නිදි නොමැති තනි යහන
මත පිපෙන රෑ හීන
එළි නොවනවා සේම 
දුකම පමණකි ගේන 
වෙන්ව තුන්පත් රෑන
නෙතට කඳුළක් ගේන
ඇසට නොපෙනෙන මාන
නැත සැනසුමක් පේන
ගත දැවෙන වැලිකතර
ඔබ තුටින් දැයි නිතර
සිහිවෙනා විට සිරුර
දැවෙයි සිතුවිලි විසිර
මුළු සිතම ඉකිබිඳී
ම'පුතු සුවසේ නිදී
තව සිතට වද දිදී
තනිය යහනට වදී
^සූ

Friday, November 27, 2015

මල් පියලි මත
ගෙවිය හැකිනම්
ජීවිත....

රුදුරු හිරු රැස
ගෙනෙයි නම්
සිහිලස..

මද පවනකට
සිඳෙයිනම්
නෙත තෙත..

නොම සැලෙනු
ඇත
සුපෙම්වත් හදවත..

^සූ

සොඳුර..!

ලෝකයේ රුදු ඇසට
මුවා නොවී
හිඳිමු අප...

අඳුර තිමිරය දිනෙක
බිඳෙන වග
සිතමු අප...

තවත් එක් කතාවක්
නොවන වග
කියමු අප...

ආලයේ ගනුදෙනුව
නොකළ වග
දනිමු අප...

අවට ලෝකය දෙසම
ආදරෙන්
බලමු අප...!!!

^සූ
ගෙවිල ගෙවිල
යනකම් හිත
පිරිමදින්නමයි
මට හිත.
.
.
.
හිඳිල බිඳිල
තිබු හිත් විල
වැහැල වැහැල
පිරෙව්වෙ නුඹ..!

^සූ

මම මගේ පාඩුවේ

මම මගේ පාඩුවේ
උන්නු කාලය
කොයිතරම්නම්
සුන්දරද මිහිරේ..

පිනි පොදත් සිරි පොදත් සීතල නෑ
ගහ වැලත් මල් මිටත් සුන්දර නෑ
මා වටා සිටි සොඳුරු ලෝකය
මගේ ළඟ අද නෑ

ඔබේ නෙත් තුළ ඉන්නවා හැර
වෙනත් අතකට යන්න මට හිත නෑ
රෑක හීනෙක තිබුණු සුන්දර
සුවය නෑ ඒ කොහි ගිහිල්ලද නෑ

හදේ රාවය නැවතිලා හද
ඔබේ සුසුමින් පිරී ඉවසුම් නෑ...
ඔබ නොමැති තැන දැනෙන පාළුව
මකා ගන්නට මගක් මම දන්නෑ....


^සූ

අම්මාවරු

අල කොල
බතල කන
රෙදි අඳින
අම්මාවරු පමණද
ගැහැට විඳින්නේ
දරුවන් වෙනුවෙන්

^සූ
මේ තරම් සුවිසල් අහස යට
හිඳිමි අදමා තනිවෙලා
ඔබේ සුසුමක දුරින් ඉන්නට
වරම් නැත මට හිමි වෙලා

සයුරු වෙරළක තනිව ඉකිලන
රළ මතට වී මං මුලා
ඈත ක්ෂිතිජයෙ සැඟව යන හිරු
සදිසි ඔබ මා තනි කළා

රෑක අහසක දිළෙන තරු සේ
දිළුණු සිතුවිලි ගොළු කළා
අමාවක රෑ අහස වාගෙම
මගෙ ලොවම අඳුරක් කළා

^සූ

මගේම ගීතයකට කළ පළමු ගීත රූපරචනය.

පහන් කන්දක්
අසළ
කදෝපැණියෙකුට
කොහෙද ඉඩ
දිළිහෙන්න...!

^සූ
ආදරෙන්
පිරුණු විට
සිත තුටින්
ඉපිල යයි
කාට නැවතිය
හැකිද
හිත ඉවුරු
බිඳ ගලන
ස්නේහයේ
ගං දිය..!!


^සූ
කටු පිරුණු
පතොක් මත
පවා
පිපෙයි
සොඳුරු මල්

^සූ

ඔබ හැර !

ඔබ නිසා
වින්ද දුක
සෝ සුසුම්
කඳුළු බර
ඔබට හැර
තවෙකෙකුට
කියා සතුටක්
ඇතිද
ඔබ නැතිව
ඔබට හැර
ඔබ දුන්නු
මේ ගින්න
නිවාලනු
හැකි අයෙක්
මේ දියත
කොහි ඇතිද?

^සූ

මේඝ දෙව් දුව...!

මා හා හිනැහුණු
නිල් කටරොළු
මල ඔබ විය

නෙතින් නෙත
ගැටුණු නිමේෂය
අවර ගිරින් හිරු
වැසෙන විරාමය

නොකලට හමුවූ
මේඝ විලාපය
යලිදු දකින්නේ
කෙලෙස කුමාරිය.

^සූ

මවුනි..!


දෙනෙත් හිටියට
මග බලාගෙන
යලි නොඑන්නම
දුරක ගොස් ඔබ
කඳුළු නොහෙළුව
දුක දරාගෙන
ගැහැට විඳි ඔබ
සතුට දී මට
සිළුටු වත හිමි
යකඩ ගහැනිය
මවුනි මා මග
පහන් සිළ ඔබ...!

^සූ

කුහුඹුවා ..!

සීනි බෝතලෙක
හිරවුණ
පුංචි කුහුඹුවෙක්
වෙමි මම
මිහිරට ලොල් වී
රැවටී අවතැන් වූ

^සූ
ගැඹුරු පිවිතුරු
වුණත්
කරදිය
සොඳුරු පියකරු
පියුම්
නොපිපෙත..!

^සූ

අවරෝධිත ප්‍රේමය

විදි ගැහැට
ප්‍රේමයෙන්
දරන්නට නොහැකියෙන්
විටින් විට
දිගු කලක්
යටි සිතේ සැඟවූ
සුන්දරම සිතිවිල්ල
හුදෙකලා වියෝගය
මවන දුක් අඳුරක්ව
දිනෙන් දින
ටිකින් ටටික
මා වෙලයි අඳුරකින්
පියවි සිහියද රැගෙන
ඉවත යයි මා කෙරෙන්
මධු විතයි
දුම් රොදයි
දෙමිතුරන් පමණකිය
තවත් මට ආදරෙන්
මා අසල
රැඳෙන්නේ...
ප්‍රේමයත් ප්‍රේමියත්
කොතැනකද
සිටින්නේ....!

^සූ
නුඹෙ නයන
මුදු දෙතොල
තිඹිරි යුග
පටු නිතඹ
දුටු මතින
බරවේ දෙනෙත්
මතින්
තොල නොගෑවද
මධු විත....!

^සූ
මලෙවි කරළියේ
පිපි මල තුඩගින්
මධු මී බිව්
මී මැස්සෝ
පරිද්දෙන් මී බී
තුටු වන්නට
කැමතිද...
බලන් .,
දුටුවද සබඳිනි
තිවංක ගෙයි
බිත මත

^සූ