Tuesday, December 11, 2012

නමුනු කුල මත සුපිපි සඳ වත

අවරගිර හිස ගිලෙන හිරු රස
නමුනු කුල මත සුපිපි සඳ වත
නොලිය හැකි කවක
සිත නිදන් කොට
පලා යන්නට .... ඉසිඹුවක් සොයමී


සෙල් තලයමත ලියූ නොමැකෙන
පෙම්කතාවක චරිතයක් නොවෙනා
මගේ විජිතය කිරුළු දරනට
නොහැකිවී තැවෙනා
අසම්මතයට පෙම් කැකුළ සිත පිපුණා
සාලියද නොව රෝමියොද නොවමා.

නොවිඳි සුවයක නොවිඳි රසයක
ප්‍රේමයයි හැ‍ඟෙනා
නැවුම් මිහිරක නවමු හැඟුමක
නුඹ කෙරේ බැ‍ඳෙනා
ස්වප්නයක්වද නැගෙනු නොහැකිය
නිදිලොවේ ‍රැ‍ඳෙනා
විඳිනු මිස තව සිත්පුරා බැ‍ඳෙනා.

^සූ

2 comments:

  1. පට්ට සිරා බං සින්දුවකට වචන තියනවා

    ReplyDelete

hi