බිඳිව් තම කඳ සිතව් එකලෙස රකින්නට මිනිසත් බලේ
නසව් ඊර්ෂ්යා මාන වෛරය නගව් ගත ඇති සිංහ ලේ
සිතව් දෙවරක් නොව දහස් වර එකයි පැහැ ගත දුවන ලේ
ගනිව් දනයිනි සිහල කගපත් රකින්නට දෑ සිංහලේ
හෙන ගැහිලද තොපෙ සිරසට මේ ගැන නොසිතන්නේ
මහ ජාතිය ඇයි නුඹලා මේ හැටි බය වෙන්නේ
වලකපන්න නුඹලාමයි උන්ට බාර දුන්නේ
පැනයන්නට පෙර අසු ඉස්තාලය වහ පන්නේ
කුල මල ගොත් ගෙන පෙරටම ජාතිය වල් වැදිලා
පෙරට යන එකෙකු දුටුවොත් දමයි බිමට ඇදලා
ආගම ගැන කෑගැහුවත් නැත තෙරුවන් දැකලා
රට රකින්න හැකිද බොලව් කල්ලි වලට බෙදිලා
සරණ යන්න පහතරටද උඩරට ඇති බේද
මුණි ධර්මය බෙදාගන්න ප්රසිද්ධියේ වාද
මහන කමට ගන්නත් කුල ගොත් බලනව නේද
එහෙව් නිවටකම් සිංහල කමකට හරියාද
දැය රකින්න සතරවරම් දෙවියන් එනු නැත්තේ
තොපි පෙරමුණ ගන්න එකයි කරන්න දැන් ඇත්තේ
එකා වගේ එක්වෙන්නට අදිටන් කර චිත්තේ
පෙර ඔසුවා කඩුව හෙලනු බේද භින්න මත්තේ
^සූ
සිඳුනු බිඳුනු පිට කොඳු ඇති ලොවට ......ගැතී
ReplyDeleteනමකට පමණි තේජස උන් දනින් .........වැටී
හෙළ රජ විකුම් අද වෙනකන් කබලෙ ....බැදී
සිංහල ජාතියේ සුදු කොඩි හෙට ........බැදෙතී
ස්තුතියි මීහොඩයා..
ReplyDelete